ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අතිගෞරවාර්හ දොඩම්පහල චන්ද්‍රසිරි මහා නායක ස්වාමීන් වහන්සේ අපවත් වීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ශෝක පණිවිඩය

යොමු අංකය: ACJU/NGS/2023/135

2023 මැයි මස 1වෙනිදා

 

2023 මැයි මස 16 වන දින අමරපුර මහා නිකායේ මහනායකඅතිගෞරවාර්හ දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ පුවත අප සැම සාතිශය කම්පාවට හා බලවත් ශෝකයට පත් කොට ඇත.

බුදුදහමට අනුව කිසිඳු වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින්ගේ යහපත වෙනුවෙන් හා යහපත් බෞද්ධ ශ්‍රී ලාංකික සමාජයක් බිහි කිරීම වෙනුවෙන් නායකත්වය දෙමින් එහිමියන් ගෙන ගිය ප්‍රයත්නයේ අරමුණ වූයේ වාර්ගික හා ආගමික සමගිය තුළින් සාමයසහෝදරත්වය හා සුහදත්වය සපිරි සෞභාග්‍යමත් මාතෘ භූමියක් නිර්මාණය කිරීමයි.

එහිමියන් වෙනුවෙන් කළ හැකි උත්තරීතර ගෞරවය හා උපහාරය වන්නේ උන්වහන්සේ දැඩි කැපවීමකින් සමාජගත කරන්නට වෙරදැරූ මෙම උත්තරීතර අරමුණු සාක්ෂාත් කර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින් අධිෂ්ඨාන පූර්වක ව කටයුතු කිරීම යන්න අපගේ නිහතමානී මතයයි.

ශ්‍රී ලංකාවාසී සියලු සහෝදර බෞද්ධ ජනයා වෙත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගේ හා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ බලවත් ශෝකය මෙමගින් දන්වා සිටින්නෙමු.

 

 

අෂ්ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *