202.06.02 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ එකමුතුකම සහ සහජීවන කමිටුවේ සහෝදර ආගමිකයින් සමග යහසබඳතා ගොඩනගමු යන ව්යාපෘතිය යටතේ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ ශ්රී විමල හිමිපාණන්ව අප සභාවේ නියෝජිතයින් පිරිසක් උන් වහන්සේගේ වාසස්ථානයේදී හමු විය. මෙම හමුව සඳහා විධායක කමිටුව නියෝජනය කරමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මහලේකම් අෂ්-ෂේක් එම්. අර්කම් නුරාමිත්, සහකාර ලේකම් එම්.එස්.එම්. තාසිම්, විධායක කමිටු සාමාජික සහ එකමුතුකම සහ සහජීවන කමිටුවේ ලේකම් අෂ්-ෂේක් ෆරූද් ෆාරුක් සහ එකමුතුකම සහ සහජීවන කමිටුවේ සම්බන්ධීකාරක අෂ්-ෂේක් සල්මාන් යනාදීන් සහභාගී වූහ.