ACJU/MED/2020/003
19.05.2020
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ශෝක පණිවිඩය
ආචාර්ය එම්.ඒ.එම්.ෂුක්රි මැතිතුමාගේ අභාවය පිළිබඳ පුවත අපව බලවත් ශෝකයට පත් කරයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම උගතුන්ගෙන් එක් අයෙකු සහ බෙරුවෙල හි ජාමිආ නාලීමියා විශ්ව විද්යාලයෙහි අධ්‍යක්ෂකයෙකු වන ආචාර්ය එම්.ඒ.එම්.ෂුක්රි මැතිතුමන් අද දින (2020.05.19) අභාවයට පත් වූහ. ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්. එතුමන්ගේ අභාවය ශ්‍රී ලංකා ජනතාවට අත් වූ විශාල පාඩුවකි.
සිය ජීවිතය අධ්‍යාපනයට හා දහමට කැප කළ එතුමන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සමඟ යහ සම්බන්ධතා පවත්වමින් පැමිණියහ. අවශ්‍ය විටෙක සුදුසු උපදෙස් ලබාදීමට ද එතුමන් පසුබට නොවීය. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් පැවැත් වූ සම්මන්ත්‍රණ බොහෝමයක කථිකයෙකු වශයෙන් සහභාගී වී වර්ණවත් කළහ.
ග්‍රන්ථ කිහිපයක කතෘවරයකු වන ඔහු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක කථිකාචාර්ය වරයෙකු ද විය. සිසුන් දහස් ගණනක ගුරුවරයෙකු වූ අතර මධ්‍යස්ථ ආකල්පයකින් කටයුතු කළ අයෙකි සහ ආගමික විද්වතුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවෙකි.
ජාමිආ නාලීමියා විශ්ව විද්යාලය සමඟ එක් ව කටයුතු කළ එතුමන් අවසානය දක්වා අධ්‍යාපනය වෙනුවෙන්ම තම ජීවිතයම කැප කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විද්වතුන් මෙලොවට බිහි කළ ආඩම්භරය එතුමන්ට හිමි වේ.
සර්ව බලධාරී අල්ලාහ්, ඔහුගේ යහපත් ක්‍රියා පිළිගෙන, සියලු වැරදි හඳුනා ගනිමින් යහපත් ගැත්තන් සමග එක්කාසු කරත්වා, ඔහුගේ පවුලේ උදවියට හා ඔහුගේ සියලු සිසුන්ට සැනසීම සහ යහකුසල් හිමි කරත්වා!
ආමීන්.
අෂ් ෂෙයික් එම්. එම්. ඒ. මුබාරක්
මහා ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව