සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව දිස්ත‍්‍රික්ක හා ප‍්‍රාදේශීය ශාඛාවන්ට කරනු ලබන විශේෂ දැනුම්දීම

2020.03.24 / 1441.07.28

ගරු සභාපති / ලේකම්

දිස්ත‍්‍රික්ක හා ප‍්‍රාදේශීය ශාඛා

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු

අල්ලාහ් අප සැමව සියලුම දුක් කරදරවලින් ආරක්ෂා කරත්වා. ආමීන්

රටේ දැනට පවතින හදිසි වසංගත රෝග තත්ත්වය සැලකිල්ලට ගෙන වර්ෂ 2020 මාර්තු 24 වන අද දින (අගහරුවාදා) සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ප‍්‍රධාන ශාඛාවෙහිදී සිවිල් සහ ජන නායකයන් එක්රැස් වු රැස්වීමෙහි හදිසි සහන සැපයීම සඳහා පහත ක‍්‍රමවේද යෝජනා කරන ලදී.

 

සියලුම දිස්ත‍්‍රික්ක හා ප‍්‍රාදේශීය ශාඛා මෙම තීරණ අනුව කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.

 

  1. ඔබ ප‍්‍රදේශයේ තිබෙන මස්ජිද් සම්මේලන හෝ මස්ජිද් පරිපාලකයන් සමග එක්ව ප‍්‍රදේශයේ කේන්ද්‍රීය මස්ජිදයක් තෝරා එය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසින් පිහිටුවා ගත යුතුය.
  2. මේ සඳහා ඔබ ප‍්‍රදේශයේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සාමාජිකයින් පස් දෙනෙකුද මස්ජිද් සම්මේලන හෝ මස්ජිද් පරිපාලකයන් වෙනුවෙන් පස් දෙනෙකුගෙන්ද සමන්විත කමිටුවක් පත් කර ගත යුතුය. (මෙම සංඛ්‍යාව පෙදෙසේ විශාලත්වය අනුව අඩු හෝ වැඩි කර ගත හැකිය)
  3. ඇඳිරි නීතිය බල පැවැත්වෙන වේලාවල ගමන් කිරීමට දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට පොලිස් අවසරයක් හා වාහනයක (ත‍්‍රීරෝද රථයක්, යතුරුපැදියක් ආදී) පොලිස් අවසරයක් (Curfew Pass) ලබා ගත යුතුය.
  4. කේන්ද්‍රීය මස්ජිදය හා සම්බන්ධ විය හැකි ක්ෂණික ඇමතුම් (Hotline) අංකයක් ලබා ගත යුතුය.
  5. ඒ ඒ පෙදෙස්වල වාසය කරන සියල්ලන්ගෙන්ම තමන් හා ඇති අතිරේක ආහාර ද්‍රව්‍ය කැමති පරිදි කේන්ද්‍රීය මස්ජිදයට භාර දෙන මෙන් ඉල්ලා සිටිය යුතුය. එය ග‍්‍රෑම් 250 ක ද්‍රව්‍යයක් වුවද කම් නැත.
  6. යමක් ලබා දෙන්නට කැමති අය මෙන්ම තමන්ට යමක් අවශ්‍ය වන අය, දෙනු ලැබූ දුරකථන අංකය හා සම්බන්ධ වී කාරණාව දැනුම් දිය යුතුය.
  7. කේන්ද්‍රීය මස්ජිදයෙන් උදව් ඉල්ලා සිටින්නන්ගේ සුදුසුකම් හා අවශ්‍යතාවයේ අව්‍යාජ බව තහවුරු කරගනිමින් අවශ්‍යතාවට අනුව උදව් කළ යුතුය.
  8. ත්‍යාගශීලීන්ගෙන් ආහාර ද්‍රව්‍ය රැස් කිරීම මෙන්ම අවශ්‍ය කරන නිවෙස්වලට භාණ්ඩ යැවීම සිදු කළ යුත්තේ පොලිසියෙන් ඇඳිරි නීති සමයෙහි මෙම සේවාව සඳහා අවසර ලත් පුද්ගලයන් හා වාහන පමණි.
  9. මානුෂීය කෝණයෙන් සිදුකරනු ලබන මෙම සේවාව ජාති ආගම් වෙනසකින් තොරව මෙම සේවාව සැමට ලැබෙනු සේ තහවුරු කරගත යුතුය.
  10. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සේවාව සඳහා යොදා ගන්නා කි‍්‍රයාකාරීන්ගේ සංඛ්‍යාව හැකි පමණ අවම සංඛ්‍යාවක් තබා ගත යුතුය. එමෙන්ම ආහාර ද්‍රව්‍ය එක් රැස් කරන විටද ඒවා අසුරන විට මෙන්ම බෙදා හරින විටද සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කළ යුතුය.
  11. මෙම අගනා කාලීන කර්තව්‍යය සඳහා නොමසුරුව දායක වන මෙන්ම ආලිම්වරුන්, මස්ජිද් පරිපාලකයන්, ධනවතුන් හා ප‍්‍රධානීන් ඇතුලු සියල්ලන්ගෙන්ම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.
  12. ත්‍යාගශීලීන් වෙතින් අපේක්ෂා කරන ආහාර ද්‍රව්‍ය :
  • සහල්
  • සීනි
  • පරිප්පු
  • කිරි පිටි
  • තේ කුඩු
  • තිරිගු පිටි
  • සැමන් ටින්

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *