සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ (ACJU) විශේෂ නිවේදනය
2019 අප්‍රේල් මස 21 වැනි ඉරුදින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර ලාංකික මුස්ලිම් ප්‍රජාව හැටියට තරයේ හෙළා දකින්නෙමු.
එක් ජීවයකට හානියක් කිරීම මුළු මහත් මිනිස් සංහතියටම හානියක් කළ හා සමානයි යැයි උගන්වන ඉස්ලාමය මෙවැනි කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාවන් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මෙවන් කෲර ක්‍රියාවන් හි නියැලෙන්නන් ඉස්ලාමය හා කිසිම සම්බන්ධයක් නොමැති බවත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් තරයේ පවසා සිටින්නෙමු.
ඊයේ දින දින සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වී ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුලේ උදවිය හා තුවාල ලැබූ සියලුම සහෝදර ජනතාව සමඟ ඔවුන්ගේ දුක බෙදා හදා ගන්නා ලෙසත් හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන ලෙසත් දිවයින පුරා ඇති සියළුම මුස්ලිම් දේවස්ථාන වල භාරකාර මණ්ඩල වලින් අප සංගමය ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
එහෙයින් පහත නිර්දේශිත කරුණු ඔස්සේ ක්‍රියාකරන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.
1) මෙවන් කෲර ක්‍රියාවන්ට සම්බන්ධ ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක අංශයන්ට පූර්ණ සහය ලබාදෙන ලෙස සියලුම මුස්ලිම් වරුන්ගෙන් ඉල්ලා සිටිමු.
2) මෙම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට භාජනය වූ සියලුම ප්‍රදේශයන්හි ආගමික නායකයින් හා එක්ව, පීඩාවට පත්වූවන්ට අස්වැසිල්ලක් වන පරිදි සහය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
3) පීඩාවට පත්වූවන්ට තම ශ්‍රමයෙන් හා ධනයෙන් හැකි අන්දමින් උදව් උපකාර කරන ලෙස අප ඉල්ලා සිටිමු.
4) පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා සියලුම මුස්ලිම් දේවස්ථාන තුළින් ධන පරිත්‍යාග රැස් කර නිසි අයුරින් බෙදාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
5) පීඩිත ජනතාව විසින් තමන්ගේ කම්පනයත් සමග යම්කිසි වේදනාකාරි අයුරින් ප්‍රකාශයක් හෝ හැසිරීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳව ඉතාමත් සාවධානව ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්වේ
6) එම ත්‍රස්තවාදී ක්‍රියාව හෙළා දකිමින් සහ පීඩිත ජනතාවට අස්වැසිල්ලක් වන පරිදි බැනරයක් සෑම මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට ම ප්‍රදර්ශනය කරන ලෙසත් ශෝකය ප්‍රකාශ කරමින් සුදු කොඩියක් ඔසවා තබන ලෙසත් ඉල්ලා සිටිමු.
7) එළඹෙන ඉරිදා දිනයේ දී කිතුනු සහෝදරයින් දේව මෙහෙයට සහභාගී වන අවස්ථාවේදී, ඔවුන්ට එරෙහිව සිදු කල මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකිමින් සහ අපගේ සහෝදරත්වය විදහා දක්වමින් හැකි පමණින් එම දේවස්ථාන පරිශ්‍රයට එක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි.
අෂ් ෂෙයික් එච්. උමර්දීන්
ලේකම්ප්‍රචාරක අංශය
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය