ACJU/MED/2023/036
2023.01.20 (1444.06.26)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සියවස් සැමරුම් උළෙල 2023-01-19 වන දින එහි සභාපති අෂ්-ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මැතිතුමාගේ නායකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව, ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරදීම සඳහා හිජ්රි 1344 වන වර්ෂයේ ස්ථාපිත කරන ලද උසස් සිවිල් සංවිධානයකි. මෙම සභාව 2000 වන වර්ෂයේ 51 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ සංස්ථාගත පනත යටතේ සම්මත කරන ලදී. දීපව්‍යාප්ත ව දිස්ත්‍රික් 24 හි ම ප්‍රාදේශීය ශාඛා 165 කින් යුක්තය. 8000 කටත් අධික ආලිම්වරු මේ වන විට මෙම සභාවේ සාමාජිකත්වය දරති.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ පසුගිය දශක දහයක ගමනේ එහි දියුණුව හා අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ අපගේ ජ්‍යේෂ්ඨ ආලිම්වරුන් ව කෘතඥපූර්වක ව සිහිපත් කරමින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විශේෂ දේශකයා ලෙස දකුණු අප්‍රිකාවේ ජම්ඉයියතුල් උලමා සභාවේ මහලේකම් මව්ලානා ඉබ්‍රාහීම් බාම් තුමා ආදීහු සහභාගී වූ අතර සර්ව ආගමික නායකයින් ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක තුමා, විපක්ෂ නායක තුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශීය තානාපතිවරුන්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරුන්, උගතුන්, බුද්ධිමතුන්, මස්ජිද් සම්මේලනයන්හි භාරකරුවන්, සිවිල් සංවිධානයන්හි සාමාජිකයන්, ධනවතුන්, සුභ සාධකයින්,සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විධායක සභිකයින් හා එහි දිස්ත්‍රික්, ප්‍රාදේශීය ශාඛාවල තනතුරු දරන්නන් ආදී වශයෙන් දෙදහකට ආසන්න පිරිසක් සහභාගී වූහ.
අදියර තුනකින් පැවැත්වුණු මෙම උත්සවයේ පළමු අදියර අෂ්-ෂෙයික් අල්-කාරී අබ්දුල් අසීස් මුහම්මද් අර්කම් මහතාගේ අල්-කුර්ආන් පාරායනයේ මිහිර සමගින් ආරම්භ විය. ඉන් අනතුරුව සාහිරා විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් ජාතික ගීය ගායනා කරනු ලැබූ අතර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ උප සභාපතිවරයකු වන අෂ්-ෂෙයික් එම්.ජේ. අබ්දුල් කාලික් තුමා පිළිගැනීමේ කතාව සිදු කළේය.
දෙවන අදියරෙහි අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් වූ සංස්කෘතික පිළිගැනීම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙකු වන ජේ.ඒ.එම්. ඉර්ෂාද් තුමාගේ කණ්ඩායම විසින් සිදුකොට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සභාපති, මහලේකම් හා භාණ්ඩාගාරික යන උදවිය විසින් වේදිකාවේ අසුන් ගන්වන ලදී. ඉන් අනතුරුව මවාහිබුල් උලූම් අරාබි විද්‍යාලයේ හා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයින් විසින් පිළිගැනීමේ ගීතය ගායනා කරන ලදී.
සියවස සම්පූර්ණ කරන අප සභාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම උත්සවයේ මුලසුන කතාව එහි ගරු සභාපති අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා විසින් සිදුකළ අතර “එක්සත් ව සහජීවනයට මුහුණ දෙමු” යන තේමාව යටතේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ගරු මහලේකම්තුමාගේ කතාව ඉදිරිපත් කෙරිණි.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා අල්-කුර්ආන් පාඨ කිහිපයක් පාරායනය කොට දෙවන අදියර සඳහා වන පිළිගැනීමේ කතාව ද ඉදිරිපත් කළේය.
ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සියවස් සැමරුම් උළෙල වෙනුවෙන් විශේෂ මුද්දරයක් එළිදක්වන ලදී. එමෙන් ම ගෞරවණීය ආරාධිත අමුත්තා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ප්‍රධාන දේශකයා වන ඉබ්රාහීම් ඉස්මායිල් බාම් යන දෙපළ සභාව අමතා කතා කළ අතර ඔවුන් දෙදෙනා සමග එක්ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා යන උදවියට සමරු ඵලක පිරිනමා අගය කරනු ලැබූහ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආලිම්වරුන් බොහොමයක් බිහිකළ ආගමික විද්වතෙකු හැටියට ශෙයිකුර් රහ්මානී ඒ.ජේ.එම්. ජිෆ්රි හසරත් තුමා, අඛණ්ඩ ව නන් අයුරින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවට හා සමාජයට දායකත්වය සපයන, සහාය දක්වන්නන් හැටියට ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තෆා මහතා සහ අල්හාජ් ඉල්යාස් අබ්දුල් කරීම් මහතා, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ වත්මන් ගොඩනැඟිල්ල ලබා දීමෙහි ලා අතිශය දායකත්වයක් දැක්වූ අයෙක් හැටියට ගරු ෆේරියල් අශ්රෆ් මහත්මිය යන උදවිය ද මෙම උත්සවයේ සම්මාන පිරිනමා අගය කරනු ලැබූහ.
එමෙන්ම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පිළිබඳ හැඳින්වීම, එහි ඉතිහාසය, තනතුරු දරන්නන් එහි ව්‍යුහය සහ ආගමික සමාජ දායකත්වයන් යනාදිය අන්තර්ගත කරමින් සම්පාදනය කරන ලද ‘සවුතුල් උළමා නූට්‍රාන්ඩු සිරප්පු මලර්’ සඟරාව අප සභාවේ උප සභාපතිවරයකු වන අෂ්-ෂෙයික් ඒ.එල්.එම්. රිලා තුමා විසින් එළිදක්වන ලදී. පසුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විධායක කමිටු සාමාජිකයෙකු වන අෂ්-ෂේක් ඒ.සී. අගාර් මුහම්මද් තුමාණන් විසින් විශේෂ දේශනය පවත්වන ලදී.
අනතුරුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විධායක සභාවේ සභික සහ ආලිම්වරුන්ගේ අංශයේ ලේකම්වරයා වන එස්.එල්. නව්ෆර් තුමා විසින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සියවස් සැමරුම් උළලේ ගන්නා ලද තීරණයන් ඇතුළත් ප්‍රකාශනය කියවන ලදී.
එමෙන් ම ඉස්ලාමීය මගපෙන්වීම්වලට අනුගත ව ඉදිරිපත් කරන ලද කලා ඉදිරිපත් කිරීම් ද සියවස් සැමරුම් උළෙල අලංකාරවත් කළේය. තිහාරිය තන්වීර් ඇකඩමියහි උපාධිධාරී අෂ්-ෂෙයික් එම්.ආර්.එම්. අයියාශ් මහතා විසින් සිංහල බසින් විරිඳුවක් ගායනා කරනු ලැබූ අතර ඩී.එස්. සේනානායක හා මවාහිබුල් උලූම් විද්‍යාලයේ සිසුන් විසින් කාසීදා ගීයක් ගායනා කරනු ලැබීම සඳහන් කළ යුත්තකි.
උත්සවය අතරතුර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සියවස් ගමන හා එහි සේවාවන් පිළිබඳ හඳුන්වා දීමේ අරමුණෙන් වීඩියෝ පට තිරගත කෙරිණි.
අවසාන වශයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ගරු භාණ්ඩාගාරික අෂ්-ෂෙයික් ආචාර්ය ඒ.ඒ. අස්වර් තුමා ස්තුති කතාව ඉදිරිපත් කිරීමත් සමග එහි උප සභාපතිවරයකු වන අස්-ෂෙයික් එච්. උමර්දීන් තුමාගේ දුආ සහ සලවාත් පාරායනය සමග සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සියවස් සැමරුම් උළෙල අලංකාරවත්ව නිමා විය.
යථෝක්ත මෙම උළෙල ෆස්හාන් නවාස් හා සිද්ධීක් අක්බර් යන දෙපල විසින් භාෂා තිත්වයෙන් ම මෙහයවනු ලැබීම සුවිශේෂත්වයකි.
මාධ්‍ය අංශය
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU MEDIA)