ACJU/NGS/2023/115
2023.03.23 (1444.08.30)
රමළාන් මාසය යනු සර්වබලධාරී අල්ලාහ් මුස්ලිම්වරුන්ට ලබා දුන් උතුම්ම ආශිර්වාදයකි. මෙම මාසය තුළ අල්ලාහ් තආලා අපට ශුද්ධ වූ කුර්ආනය මග පෙන්වීමක් ලෙස හා දේව ධර්මයක් ලෙස ලබා දී ඇත්තේය. මෙම මාසය බොහෝ යහපත් දෑ ආශිර්වාදයන් හා වරම් ගෙන දෙන පින්බර මාසයකි.
අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු තුමා මෙසේ පැවසූ බව සඳහන් වේ: ”අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ: සර්වබලධාරී අල්ලාහ් උපවාසයේ යෙදෙන මෙන් ඔබට නියෝග කළ, ආශිර්වාද ලත් රමදාන් මාසය ඔබ වෙත පැමිණ ඇත. ඒ මාසයේ දී ස්වර්ගයේ දොරටු විවෘතව පවතින අතර, අපායේ දොරටු වැසී පවතී. තවද, සෑම යක්ෂයෙකුම විලංගුවලින් බැඳ දමා තිබේ. අල්ලාහ් විසින් මාස දහසකටත් වඩා විශිෂ්ට රාත්‍රියක් එම මාසය තුළ දී පිරිනමා තිබේ. එකී රාත්‍රියේ විශිෂ්ටත්වය අහිමි වන්නේ කවරෙකුට ද, ඔහු අනිවාර්යයෙන්ම අහිමි වූවෙකුම වන්නේ ය.” ( ඉබ්නු මාජා)
මෙම ශුද්ධ වූ මාසය තුළ ගෝලීය ලෙස ආර්ථික වශයෙන් හා රෝගාතුරයන් මගින් දුෂ්කරතා සහ දුක්විඳින අපගේ සහෝදරවරුන්, දේශයේ සියලු දෙනා වෙනුවෙන් අප යාච්ඤා කළ යුතුය.. නියත වශයෙන්ම, අල්ලාහ් අතිශයින්ම සාධාරණ වන අතර, අසමසම දයාවන්තයා ද වෙයි. කරුණාවේ සහ නිර්ලෝභී බවේ ජීවගුණය පවත්වාගනිමින්, මේ ශුද්ධ වූ මාසයේ ආශිර්වාදය සියල්ලන් සමග බෙදාහදාගැනීමට උත්සාහ කරමු. නියත වශයෙන්ම, තමන් කැමති දෙය තම සොයුරා වෙනුවෙන් ද ලැබීමට ප්‍රාර්ථනා කරන තෙක් කෙනෙකුගේ ඇදහිල්ල පරිපූර්ණ නොවේ.
අල්ලාහ් තආලා කුමන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා උපවාසය අනිවාර්ය කර ඇත්තේද ඒවා නියමාකාරයෙන් ඉෂ්ඨකොට ඔහුගේ දයාව, සමාව, අපා නිදහස හා ලයිලතුල් කද්ර් රාත්‍රිය ලබා ගත් සමූහයා අතරට අල්ලාහ් තආලා අප සියල්ලන්ම ඇතුළත් කර ආශිර්වාද කරත්වා
අල්ලාහ්, මේ සඳ අප වෙත පායද්දී ඒ සමග ආරක්ෂාවත්, ඊමානයත් (නිසැක විශ්වාසය), ඉස්ලාමයත් අප වෙත ළඟාවීමට කටයුතු කළ මැනවි. (එම්බා සඳ!) ඔබේත්, මගේත් රබ් (පරමාධිපති) අල්ලාහ්ම වේ. මේ සඳ ඔබට මාර්ගෝපදේශ සහ හොඳ දේ රැගෙන පැමිණේවා)
යා අල්ලාහ්, මාව රමළාන් වෙත ලබා දී රමළාන් මා වෙත ළඟා වීමට සලස්වන්න. එය පිළිගත් පරිදි මගෙන් එය ලබාගන්න.
මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව