සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ ශෝක පණිවිඩය

04.02.2018

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ ශෝක පණිවිඩය

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය අතිගෞරවනීය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන්ගේ අපවත්වීම පිළිබඳව ගෞරවනීය මහා සංඝ රත්නය හා සියලු බෞද්ධ සැදැහැවතුන් වෙතට ශ්‍රී ලංකා ජම්ඉයියතුල් උලමා (ශ්‍රී ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ) සංගමයේ හා මුස්ලිම් ප්‍රජාවගේ බලවත් ශෝකය මෙම අවස්ථාවේ දන්වා සිටීමට කැමැත්තෙමු.

යුක්තිය හා සාධාරණය මෙන්ම විනය ගරුක සමාජයක් ගොඩනැගීමේ කාර්යයේ දී මහා කැපවීමකින් කටයුතු කළ උන්වහන්සේගේ අපවත්වීම අපගේ මාතෘ භූමියේ ඉදිරි ගමනට අති විශාල පාඩුවක් ලෙස අපි දකින්නෙමු. ආගමික හා වාර්ගික සංහිඳියාව වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිමින් කටයුතු කළ උන්වහන්සේගේ උදාර සේවය මෙම අවස්ථාවේදී ගෞර්ව පූර්වකව සිහිපත් කරන්නෙමු. උන්වහන්සේ විසින් පෙන්වා දුන් ආදර්ශමත් මඟ අනුගමනය කරමින් සාමකාමී හා සුහදත්වය පදනම් වූ මාතෘ භූමියක් ගොඩනැගීමට ලක් මවගේ සියලු දරුවන් කැප වී කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගැනීම උන්වහන්සේට කළ හැකි උත්තරීතර උපහාරය ලෙස අපි දකින්නෙමු.

 

 

 

අෂ්-ෂේක් මුෆ්ති එම්. අයි. එම්. රිස්වි

සභාපති,

සමස්ත ලංකා ඉස්ලාමීය විද්තුන්ගේ සංගමය

 

අෂ්-ෂේක් එම්.එම්.ඒ.  මුබාරක්

මහ ලේකම්,

සමස්ත ලංකා ඉස්ලාමීය විද්තුන්ගේ සංගමය

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *