සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ රමළාන් උත්සව පණිවිඩය – 2023 (1444)

ACJU/NGS/2023/128

2023.04.21  (1444.09.29)

 

රමළාන් මාසය, එහි අල්-කුර්ආනයල ජනයාට මග පෙන්වීමක් වශයෙන් හා යහමගින් හා (සත්‍යය හා අසත්‍යය අතරෙහි) නිර්ණායකයෙන් වූ පැහැදිලි සංඥා වශයෙන් පහළ කරනු ලැබීයග නුඹලාගෙන් කවරෙකු එම මසට සම්මුඛ වන්නේ ද ඔහු එ:ම මසෙහි උපවාස ශීලයේ යෙදිය යුතුය” අල්-කුර්ආනය 2:185 යන මහා කාරුණික අල්ලාහ්ගේ දේව පණිවිඩයට අනුකූලව දේව සමීපත්වය හා තක්වාව හෙවත් දේව භක්තිය ඉලක්ක කරගනිමින් භාග්‍යවත් රමළාන් මාසයේ අනිවාර්ය වූ උපවාසශීලයේ නියැළී අපි මෙම උතුම් වූ දිනයට අවතීර්ණ වී සිටිමු.

මෙම අවස්ථාවේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ගරු සභාපතිල මහා ලේකම්ල භාණ්ඩාගාරිකල විධායක කමිටු සාමාජිකයින් සහ නිළධාරීහු ඊදුල් ෆිත්ර් හෙවත් රමළාන් උත්සව දිනය සමරන සියලු ඉස්ලාම් බැතිමතුන් හට සිය සුභ පැතුම් පුද කර සිටිති.

දෛනික ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සිය ඥාතීන්ල අසල්වාසීන් සහ දුප්පතුන්ගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව අපෙන් කාරුණිකව ඉල්ලා සිටී.

ආගමික මඟපෙන්වීම අනුව ඊදුල් ෆිත්ර් හෙවත් රමළාන් උත්සවය සතුටින් හා ප්‍රීතියෙන් සමරමුල එමෙන්ම අප අවට සිටින ඥාතීන් සහ අසල්වාසීන් සතුටින්ල සැනසුමින් රැකබලා ගනිමු.

සර්ව බලධාරී අල්ලාහ්ල අප ඉටුකළා වූ උපවාසශීලයන් සහ අපගේ යහ ක්‍රියාවන් පිළිගෙන අපට උසස් ආනිසංස පිරිනමනු මැනවෟ මෙම උතුම් රමළාන් මාසයේ අප ලබා ඇති සැදැහැවත් භාවය සහ අල්-කුර්ආනය සමඟ අපගේ සමීප සබඳතාව හේතුකොට ගෙන අපහට යහපත් සමාජයක් උදාකරනු මැනව.

 

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්. අයි. එම්. රිස්වි

සභාපති

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *