10.11.2019/12.03.1441
සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු නබි මුහම්මද් (සල්) තුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කිරීමෙහිලා සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය ඉමහත් සතුටට පත් වෙයි.
ආරාබි ලිත අනුව වන රබිඋනිල් අව්වල් මාසය මානව සංහතියට අතිශය වැදගත්කමක් ඇති මාසයකි. මන්දයත් මිනිස් සමාජයට ඍජූ ජීවන මාර්ගයක් පෙන්වීම සඳහා ලොවට ආශිර්වාදයක් ලෙසින් අල්ලාහ් දෙවියන් විසින් එවන ලද අවසාන වක්තෘ නබි මුහම්මද් (සල්) තුමන් ඉපදුනේ මෙම මාසයේ බැවිනි.
රබිඋන් යන අරාබි වචනයේ අරුත වසන්තය යනුයි. වසන්ත ඍතුව පොළොවට හරිත හා සශ‍්‍රීක බවද අලංකාරයද ගෙන දෙයි. එසේම වසන්තයේ ආරම්භය යන තේරුම ඇති රබිඋනිල් අව්වල් මාසයෙහි නබි මුහම්මද් (සල්) තුමන් ඉපදීම මගින් මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පුර්ණ ජීවන ක‍්‍රමයක් දායාද කළේය.
නබි මුහම්මද් (සල්) තුමන් ඉපදුනු එම අවදිය ලොව සැම තැනම ආධ්‍යාත්මිකව හා ලෞකික පසුබෑමක් වූ ඉඩෝර අවදියක් විය. මිනිස් වර්ගයාට වසන්තයක දැඩි ඕනෑකමක් තිබුනු කාලපරිච්ඡේදයක් ලෙසින් එය තිබුනි. එම වසන්තය කාරුණික නබි මුහම්මද් (සල්) තුමන් රැගෙන ආ ජීවන මග පිරිපුන්ය.
වර්තමානයේ මානව දයාව සානුකම්පාව පරාර්ථකාමය සංහිඳියාව යන ගුණාංග නගා සිටුවීමේ හැකියාව එතුමන් ගෙන ආ සාමයේ පණිවිඩයට සත්‍යයය ලෙසින් හැකිවනු ඇත. තවද නව ලොවක් නවාකාරයෙන් බිහිකිරීමේ හැකියාව එතුමන් දෙසූ වදන් තුළින් හැකිවනු නියතය.
නබි මුහම්මද් (සල්) තුමන්ව සංවේදි ලෙසින් සිහිපත් කරන මෙම දිනවල එතුමන් දෙසු මානව දයාව සානුකම්පාව පරාර්ථකාමය සංහිඳියාව යන ගුණාංග නගා සිටුවීම තුළින් එතුමන් ගෙන ආ සාමයේ පණිවිඩයට සත්‍යය ලෙසින් සාක්‍ෂි දැරීමේ වගකීම මුස්ලිම්වරුන්ට ඇත.
අපගේ මාතෘභූමියෙහි සාමය හා ශාන්තිය පැවතිය යුතුය හා ජනකොටස් අතර සුහදත්වය පැවතිය යුතුය යැයි මෙම විශේෂ දිනයෙහි අප අල්ලාහ් දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු. එසේම අපගේ රට සංවර්ධිත රටක් වශයෙන් පත් කර දෙන් මෙන්ද අප අල්ලාහ් දෙවියන්ගෙන් අයැද සිටිමු.
අෂ් ෂෙයික් ඒ.සී. අගාර් මුහම්මද්
නියෝජ්‍ය සභාපති,
සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය
අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති ,
සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය