ACJU/NGS/2022/072
2022.03.31 (1443.08.27)
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු
රටේ බොහෝ ප්‍රදේශයන් හි උද්ගතව තිබෙන ඉඩෝර තත්ත්වය හේතුවෙන් ජනතාව බොහෝ සෙයින් පීඩාවට පත්ව සිටිති. මේ අවස්ථාවේ දී අපි අල්ලාහ්ගේ ආශිර්වාදය ඉල්ලා යාච්ඤා කිරීම අත්‍යවශ්‍ය වේ.
උද්ගත වන ඕනෑම අසාමාන්‍ය තත්ත්වයක දී අපි අපේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු යළි සමාලෝචනය කර අවශ්‍ය නිවැරදි කිරීම් සිදුකිරීමත්, වැඩි වැඩියෙන් ඉස්තිඃෆාර් කිරීමත් නබි මුහම්මද් තුමා අනුගමනය කළ ක්‍රමයයි. එමගින් අපේ පව් සමාකිරීමට ලක්ව, අල්ලාහ්ගේ ආශිර්වාදය හිමි වනු ඇත.
ජලය අපට අත්‍යවශ්‍ය දෙයකි. ජලය අඩු වීම හෝ නොමැති වීම නිසා ගස්කොළන් මැළවී, වියලී යයි. එපමණක් නොව, අපේ එදිනෙදා අවශ්‍යතා ඉටුකරගැනීම, විදුලිබලය උත්පාදනය වැනි බොහෝ දේ සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. එබැවින් අපේ පාපයන් සඳහා තව්බා කරන අතරම, ඉඩෝරය අවසන්ව වැසි ලැබිය යුතු යැයි සියලු මුස්ලිම්වරු යාච්ඤා කළ යුතු බවත්, දැඩි සේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල වගකිවයුතු පුද්ගලයන්ට වර්ෂාව ඉල්ලා සිදුකරන සලාතය වන සලාතුල් ඉස්තිස්කා ඉටුකරන ලෙසත්, වර්ෂාව ඉල්ලා සිදුකරන විශේෂ දු’ආ යාච්ඤාවන් සිදුකිරීම සඳහා කටයුතු කරන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කාරුණිකව ඉල්ලා සිටියි.
නබි නූහ් (අලෛහි වසල්ලම්) තුමා තම ජනතාවට ලබාදුන් උපදේශය අල්ලාහ් පහත දැක්වෙන ලෙස අවධාරණය කරයි.
“එවිට නුඹලා නුඹලාගේ රබ්ගෙන් (පරමාධිපතිගෙන්) සමාව ඉල්ලනු. නියත වශයෙන්ම ඔහු සර්ව ක්ෂමාශීලී වේ” යැයි මම කීවෙමි. (එසේ කළහොත් නුඹලාට තහනම් කොට ඇති) අහස්වැසි ඔහු නුඹලා වෙනුවෙන් බහුලව එවනු ඇත. තවද, ඔහු නුඹලාට ධනයෙන් හා පුත්‍රයන්ගෙන් අධික කර, නුඹලාට උදව් කරනු ඇත. ඔහු නුඹලාට උයන් ද ඇති කර, ඒවා හරහා දිවෙන ගංගා ද ඇති කරනු ඇත”. (නූහ්: 10–12)
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ වර්ෂාව ලබා දෙන්නැයි ප්‍රාර්ථනා කරමින් සිදුකළ දු’ආ යාච්ඤාවන් සමහරක් පහත වේ:
(اللَّهُمَّ اسْقِنا غَيثًا مُغِيثًا مَرِيئًا مَرِيعًا نَافِعاً غَيْرَ ضارٍ، عَاجِلاً غَيْرَ آجِلٍ” – رواه أبو داود (116
(اللَّهُمَّ أغِثْنَا ، اللَّهُمَّ أغِثْنا ، اللهٌمَّ أغِثْنا – “رواه مسلم (897
(اللهٌمَّ اسْقِ عِبَادَكَ ، وَبَهَائِمَكَ ، وَانْشُرْ رَحْمَتَكَ وَأحْيِ بَلَدَكَ المَيِّت – “رواه أبو داود (117
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්
ලේකම් – ෆත්වා කමිටුව
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව