ACJU/FRL/2022/37-384
හිජ්රි 1444.03.17 (2022 ඔක්තෝබර් මස 14 වෙනිදා)
“ඉර,හඳ සර්ව බලධාරී අල්ලාහ්ගේ සංඥා දෙකකි. ඒවා කෙනෙකුගේ මරණය හෝ උපත සඳහා ග්‍රහණය වන්නක් නොවේ. ඒවා ග්‍රහණය වීම දුටුවහොත්, සර්ව බලධාරී අල්ලාහ්ගෙන් යහපත පතා ප්‍රාර්ථනා කරන්න, තක්බීර් පවසන්න, නැමදුමෙහි නිරත වන්න සහ දානමාන ඉටු කරන්න” යනුවෙන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: සහීහ් බුහාරි, 1044)
සූර්යයා හෝ චන්ද්‍රයා පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ග්‍රහණය වූ විට ග්‍රහණය සඳහා වූ සලාතය ඉටු කිරීම සුන්නහ් පිළිවෙතක් වෙයි. සූර්යග්‍රහණය සිදු වූ බව තහවුරු වූ පසු ඉතිරි කාල වේලාව ග්‍රහණය සඳහා වූ සලාතය නිසි අයුරින් ඉටු කිරීමට ප්‍රමාණවත් නොවන්නේ නම් ග්‍රහණ සලාතය ආරම්භ නොකර ලුහර්හි සුන්නහ් සලාතය මෙන් රක්අත් දෙකක් සලාතය ඉටු කළ හැක.
ඉන්ෂා අල්ලාහ්, 2022.10.25 අඟහරුවාදා දින අර්ධ සූර්යග්‍රහණයක් (Partial Solar Eclipse) සිදුවීමට නියමිත බව තාරකා විද්‍යා වාර්තා පෙන්වා දෙයි. එම සූර්යග්‍රහණය ශ්‍රී ලංකා වේලාවට අනුව ප.ව. 02.28 සිට ප.ව. 06.32 දක්වා පවතින අතර ශ්‍රී ලංකාවට ප.ව. 05.43 සිට ප.ව. 05.51 දක්වා කාලය තුළ දිස්වනු ඇතැයි ද එකී වාර්තාවෙහි සඳහන් වෙයි.
සූර්යග්‍රහණය සිදුවුව ද, හිරු බැස යෑම ප.ව. 05:52 ට සිදුවන නිසා සූර්යයා ක්ෂිතිජයට ආසන්නව පවතින බැවින් සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතා යාන්තමින් දිස්වනු ඇතැයි ද තාරකා විද්‍යා වාර්තා පෙන්වා දෙයි.
තාරකා විද්‍යා වාර්තාවලට අනුව ග්‍රහණය සිදුවීම අපේ රටේ දිස්වනුයේ මිනිත්තු 08ක් ඇතුළත බැවින් හා ග්‍රහණය සඳහා වූ නැමදුම නිසියාකාරව ඉටු කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් සූර්යග්‍රහණයක් සිදු වූ බව තහවුරු වුවහොත් සාමාන්‍ය සුන්නහ් සලාතයක මෙන් රක්අත් දෙකක් සලාතය ඉටු කර දුආ, ඉස්තිඃග්ෆාර් හා සදකා දන්දීම වැනි යහ ක්‍රියාවන්හි නියැලීම සුදුසු වේ.
අෂ්-ෂේක් එච්. උමර්දීන්
සභාපති (වැඩබලන)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂෙයික් එම්.ටී.එම්. සල්මාන්
ලේකම් (වැඩබලන)
ෆත්වා අංශය
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)