2020.03.23
සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් වගකීමෙන් යුතුව අනුගමනය කරමු
ලොව සියලුම රටවලට පාහේ කොරෝනා වයිරසය පැතිරී ඇති අතර මෙම උවදුරෙන් මිදීමට එම රටවල් විවිධ පියවර ගනිමින් සිටිනු දැකිය හැකිය. ඒ අනුව ශ‍්‍රී ලංකාවද මෙම ව්‍යසනය තුරන් කිරීමට පියවර ගණනාවක්ම ගනිමින් සිටියි. සෞඛ්‍ය බලධාරීන් විවිධ උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් සිටිති. මෙම පියවර හා සැලසුම්වල සාර්ථකත්වය රඳා පවතින්නේ එයට මහජනයා දක්වන අවනත වීම මතය.
රජය ඇඳිරි නීතිය පනවා ඇත්තේ මහජන යහපත මුල් කරගෙන වන බව අප සැම වටහා ගත යුතුය. ඒ අනුව එයට සම්පුර්ණයෙන්ම කීකරු වී කටයුතු කිරීම ජනතාවගේ වගකීමකි. ඇඳිරි නීති සමයෙහි නිවෙස්වලට හා අප සිටින ස්ථානවලට වී සිටීම මගින් අප ආරක්ෂක අංශවලට පුර්ණ සහය ලබා දිය යුතුය.
කොරෝනා උවදුරෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය හා අරක්ෂක අංශ ප‍්‍රමුඛ රජය විසින් ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් ආදර්ශමත් ජනකොටසක් ලෙස කටයුතු කරන මෙන් දිවයින පුරා වාසය කරන මුස්ලිම් ප‍්‍රජාවගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කාරුණිකව ඉල්ලා සිටියි. මහජනයාට රජය ලබා දී ඇති උපදෙස් මාලාව පහත පරිදි වෙයි:
- අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් පිටව යා යුතුය.
- එසේ යන විට නිවසේ සිටින කුඩා හෝ මහලු පුද්ගලයන් නොයවා තරුණ අය යාමට කටයුතු කළ යුතුය.
- නිවසින් පිටව යන විට නොවරදවා මුඛ/නාස් ආවරණයක් පැළඳ ගත යුතුය.
- භාණ්ඩ ලබා ගැනීමට පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරය මීටරයක් පමණ ඈතින් තබා ගත යුතුය.
- නිවසින් පිටතට ගොස් පැමිණි විට වහා සබන් දමා අත් සෝදා ගත යුතුය.
ඉහත උපදෙස් තමන් අනුගමන කරන අතරම ඒවායෙහි වැදගත්කම පහදා දී අන් අයද එයට උනන්දු කරන මෙන්ද මෙම කරුණු පිළිබඳ තමන්ගේ පෙදෙස්වාසීන් දැනුවත් කරන මෙන්ද දිවයිනේ සියලුම මස්ජිද්වල භාරකරුවන් හා පරිපාලකයන්ගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.
අෂ් ෂෙයික් අබ්දුල් මුක්ෂිත්
ලේකම් – ප‍්‍රචාරක අංශය,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව