හජ් උත්සව දින උදෙසා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුවන්ගේ සභාවේ සුභ පැතුම (2022)

යොමු අංකය: ACJU/NGS/2022/214

2022 ජූලි මස 10 වෙනිදා (1443.12.10)

 

අල්ලාහු අක්බර්… අල්ලාහු අක්බර්… අල්ලාහු අක්බර්…

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුවන්ගේ සභාව ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් බැතිමතුන් හට සිය හජ් උත්සව සුබ පැතුම ප්‍රකාශ කර සිටියි.

නබි ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) තුමාගේ සහ ඔහුගේ බිරිඳ සහ දරුවා (අලෙයිහිමුස්සලාම්) ගේ පරිත්‍යාගයන් සිහිපත් කිරීමට සර්ව බලධාරී අල්ලාහ් මෙම දිනය අපට ආශීර්වාද කර ඇත. එම පවුලේ කැපකිරීම් සමස්ත මානව සංහතියටම මහඟු ආදර්ශයකි. ජාතියකට සාර්ථක අනාගතයක් ළඟා කර ගත හැක්කේ ඇතැම් පුද්ගලයන්ගේ, පවුල්වල සහ සමූහයන්ගේ කැපවීම් තුළිනි. කැපවීම් තුළින් ජීවිතය සාර්ථක කරගත හැකි බව ඉස්ලාම් උගන්වයි.

අප රට ඉතා දරුණු ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක මෙවර හජ් උත්සවය සමරන්නෙමු. මෙම අර්බුදකාරී අවස්ථාවේදී, රටේ සහ සමාජයේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින් ත්‍යාගශීලීත්වයෙන් කටයුතු කරන ලෙස ඉස්ලාමය අවධාරණය කරයි.

සර්වබලධාරී අල්ලාහ්ගේ අණ ඉටු කිරීමට පසුබට නොවූ පියාණන්ගේ සහ පුතණුවන්ගේ පරිත්‍යාගය මෙනෙහි කරන උල්හියියා හා වෙනත් යහකර්ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුකූලව ඉටු කිරීමට උත්සුක වෙමු.

පරිත්‍යාගශීලීත්වය උගන්වන මෙම උතුම් දිනයේ තමන් තුළ පරිත්‍යාගශීලීත්වය වර්ධනය කර ගැනීම, ආගමික කටයුතුවලදී උනන්දුවෙන් කටයුතු කිරීම, අන් අයට උපකාර කිරීම, සියලු දෙනා සමඟ සුහදව කටයුතු කිරීම, සහෝදර ප්‍රජාවන් සමඟ සමගියෙන් අවබෝධයෙන් කටයුතු කිරීම වැනි යහපත් ගුණාංග අප තුළ ඇති කර ගනිමු.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව අප රටේ හා මුළු ලොවේම සමගිය හා සමාදානය උදාවීම උදෙසාත්, මෙම උත්සව සමයේ අවධාරණය කරන ත්‍යාගශීලිත්වය ඉගෙන ගනිමින් අප සැම අනාගත පරපුරට ආදර්ශයක් ලෙස ක්‍රියා කිරීම උදෙසාත්, මුළු රටටම බලපා ඇති අර්බුදකාරී තත්ත්වය තුරන් වී සමෘද්ධිමත් දේශයක් උදාවීම උදෙසාත් මහා කාරුණික සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරයි!

තකබ්බලල්ලාහු මින්නා වමින්කුම්… ඊද් මුබාරක්…

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නුරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *