යොමු අංකය: ACJU/NGS/2022/142
2022 මැයි 29 වෙනිදා
දරුවන් ඇතුළු මෙරට සෑම පුරවැසියකුටම නිදහසේ සහ සුරක්ෂිතව ජීවත්වීමේ අයිතිය මෙරට තුළ තහවුරු කළ යුතුයි
මීට දින කිහිපයකට පෙර අටුළුගම හිදී අතුරුදන් වූ ෆාතිමා ආයිෂා දැරියගේ දේහය ගොඩගැනීමේ පුවත අපහට බලවත් කම්පාවක් ඇති කළ අතර, ඇයගේ පවුල වෙත සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සිය බලවත් සංවේගය සහ ශෝකය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කර අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා දරුවන් ඇතුළු මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ සහ ආරක්ෂිතව ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙවැනි සිදුවීම් මීට පෙරද අප රටේ බොහෝ වාරයක් සිදු වී ඇති බව අපි දනිමු. මෙය, මෙවැනි සිදුවීම් වල අවසානය විය යුතු යැයි අප ප්‍රාර්ථනා කරන අතර මෙවැනි සිදුවීම් නැවත මෙරට තුළ ඇති නොවීමට සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කළ යුතුයි.
සර්වබලධාරී අල්ලාහ්, මෙම කුඩා දැරියට ආශීර්වාද කර ඇගේ දෙමාපියන්ට සහ පවුලේ උදවියට දෙලොවෙහි යහපැවැත්ම සහ දේව භක්තිය උදා කරත්වා!
ආමීන්.
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව