2020 දෙසැම්බර් 11 වන සිකුරාදා ලංකාදීප පුවත්පතෙහි පළවූ ලිපිය සඳහා පැහැදිලි කිරීමේ විවෘත ලිපිය

2020 දෙසැම්බර් 11 වන සිකුරාදා ලංකාදීප පුවත්පතෙහි “මුස්ලිම් ජනතාවට කියා වෙනම නීතියක් බෑ, රටටම එක නීතියක් ඕනෑ, ජමියතුල් උලමා සංවිධානයේ සභාපති කියයි” යන මාතෘකාවෙන් පළවූ ලිපිය සඳහා පැහැදිලි කිරීමේ විවෘත ලිපිය පහත පළ කර ඇත්තෙමු

 

2020.12.19

ප්‍රධාන කර්තෘ
දිනපතා ලංකාදීප
විජය පුවත්පත් සමාගම (WNL)
කොළඹ -02

 

2020 දෙසැම්බර් 11 වන සිකුරාදා ලංකාදීප පුවත්පතෙහි “මුස්ලිම් ජනතාවට කියා වෙනම නීතියක් බෑ, රටටම එක නීතියක් ඕනෑ, ජමියතුල් උලමා සංවිධානයේ සභාපති කියයි” යන මාතෘකාවෙන් පළවූ ලිපිය සඳහා පැහැදිලි කිරීමේ විවෘත ලිපිය

මහත්මයාණෙනි,

2020 දෙසැම්බර් 10 වන බ්‍රහස්පතින්දා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති විමසීම් කොමිෂන් සභාවේදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ  සභාවේ (ජම්ඉයියතුල් උලමා) සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි මහතා විසින් කරන ලද ප්‍රකාශයන්ට, ප්‍රකාශිත සමහර ලිපි සහ ශීර්ෂ පාඨයන් මුළුමනින්ම විකෘති අර්ථයක් ගෙන දෙන හෙයින්, එම විකෘති කිරීම් පැහැදිලි කර ඇති බව සහතික කිරීම සඳහා පහත සඳහන් ලිපිය ඉදිරිපත් කරනු ලැබේ.

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි මහතා ප්‍රකාශ කර සිටියේ ඉස්ලාමීය ෂරීආ (ඉස්ලාමීය නීති පද්ධතිය) පිළිබඳව කොමිෂන් සභාවට තමා විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක ප්‍රස්ථාරයට අනුව, විශ්වාස කළ යුතු අංගයන්, නමස්කාර ක්‍රියාවන්, ගණුදෙණු, සමාජ හැසිරීම් වැනි අංශවල සංයුතිය ඔහු දැනටමත් පැහැදිලි කර ඇති බවයි. ෂරීආව වෙනත් ආගම් සමග සහජීවනය හා සමාජ සුභසාධනයට දායක වීම සම්බන්ධ කරුණුද ආමන්ත්‍රණය කරන බව පැහැදිලි කළේය. අපරාධ සහ දඬුවම් සම්බන්ධ කරුණු ශ්‍රී ලංකාවේ කිසිසේත්ම ක්‍රියාත්මක නොවන මෙම විස්තීර්ණ ක්‍රමයේ එක් කොටසක් පමණි.

තවද, සෑම ආගමක් සඳහාම එකම නීතියක් යන කරුණ සම්බන්ධයෙන් විමර්ශන කොමිසමේ කිසිදු විමසීමක් සිදු නොවූ බවත්, එබැවින් ලිපියේ වාර්තා වූ පරිදි කිසිදු ප්‍රකාශයක් නොකළ බවත් පැහැදිලි කිරීමට අපි කැමැත්තෙමු.

එබැවින් මෙම ලිපියෙන් ලබා දෙන පණිවිඩයෙහි යම් විකෘතිභාවයක් ඇති හෙයින් ඉහත ලිපියේ අවශ්‍ය අන්තර්ගතය වහාම ක්‍රියාත්මක වන පරිදි නිවැරදි කරන ලෙස අපි ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

 

අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්
මහලේකම් (වැඩබලන)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමය

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *