76 වන නිදහස් දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විශේෂ පණිවිඩය

ACJU/NGS/2024/304
2024.02.04 (1445.07.23)

 

අපගේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දිනය සමරන මෙම විශේෂ අවස්ථාවේදී කුල, ජාති, ආගම් භේදයකින් තොරව අපගේ නිදහස වෙනුවෙන් කැප වූ සියලු පාර්ශ්වයන්ගේ, නායකයින්ගේ කැපකිරීම් සහ දායකත්වයන් පිළිබඳව අපගේ බලවත් කෘතඥතාව ප්‍රථමයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
සෑම පුරවැසියෙකුම තම රටට ආදරය කිරීම, පක්ෂපාතී වීම, එහි ප්‍රගතිය, සංවර්ධනය සහ ආරක්ෂාව සඳහා ක්‍රියාශීලීව කටයුතු කිරීම සදාචාරාත්මක යුතුකමකි. මෙම මූලධර්ම මිනිස් ස්වභාවයට අනුකූලවීම පමණක් නොව විවිධ ආගමික ඉගැන්වීම්වලද අවධාරණය කර ඇත.

සෑම පුරවැසියෙකුම ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් පූර්ණ නිදහස භුක්ති විඳිය යුතුය යන දැක්ම පෙරදැරි කරගෙන අප මාතෘභූමියට නිදහස උදාකර දීමට අපේ මුතුන්මිත්තන් වෙහෙස නොබලා කටයුතු කළහ. ඔවුන්ගේ කල්ක්‍රියාවන් උසස් අන්දමින් සහ සහෝදරත්වයෙන් පිරී තිබුණි.

අපේ මුතුන්මිත්තන් අපේක්ෂා කළ නිදහස සාක්ෂාත් කර ගැනීම සඳහා අපි සියලු දෙනාම කටයුතු කරමු. අපේ මාතෘභූමිය සාමය, නිදහස වැජඹුනු ආදර්ශමත් දේශයක් බවට පත් කිරීමට අපි සැවොම එක්ව කටයුතු කරමු. පුරවැසියන් වශයෙන්, අප අනාගත පරපුරට නිදහස තහවුරු කර දෙමින් අප රටේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා එක් වෙමු.

මෙරට සියලු ජන ප්‍රජාවන් අතර සාමකාමීත්වය හා සංහිදියාව ස්ථාපිත වී තම සියලු අයිතිවාසිකම් සහ නිදහස භුක්ති විඳිමින් සාමකාමී ජීවිතයක් ගත කිරීමටත්, ශ්‍රී ලංකාව පූර්ණ ස්වාධීන රටක් ලෙස ගෝලීය වශයෙන් බැබළෙන්නටත් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මහා කාරුණික අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටියි.

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහා ලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *