යොමු අංකය: ACJU/NGS/2023/186
2023 සැප්තැම්බර් 18 වෙනිදා
ආචාර්ය රොහාන් ගුණරත්න
මහත්මයාණෙනි,
මෑතකදී එළිදැක්වූ ඉහත නම සඳහන් ග්‍රන්ථය සම්බන්ධයෙන් අපගේ දැඩි කනස්සල්ල මින් ප්‍රකාශ කරමු.
මෙම පොත ගැඹුරින් අධ්‍යයනය කරන පාඨකයෙකුට මෙහි අඩංගු බොහෝ ප්‍රකාශයන් ප්‍රමාණවත් පදනමක් රහිතව, ප්‍රත්‍යක්ෂ සාක්ෂි නොමැති, එමෙන්ම පරස්පර විරෝධී බව පෙනී යනු ඇත.
ව්‍යාකූලත්වයෙන් පිරී සහ පැහැදිලි බවක් නොවූවද, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවට එරෙහිව බොහෝ චෝදනා නගා ඇති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතු ය. මෙම චෝදනා පදනම් විරහිත, හිතලු සහ මනඃකල්පිත ප්‍රකාශ බව නිසැකය.
විශේෂයෙන් අපි තෝරාගත් උදාහරණ කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු, මේවා මෙහි පළකළ වැරදි තොරතුරු, උවමනාවෙන් විකෘති කොට සඳහන් කරන ලද කරුණු සහ වැරදි ලෙස අර්ථකථනය කළ සිද්ධිමය කරුණු හෝ අවස්ථාවන් ය.
ප්‍රථමයෙන්ම, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවෙහි න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන්නේ මුළුමනින්ම ආගමික ආයතනයකට අදාළව වන බවත්, එය ආණ්ඩුවේ හෝ නීතිය ක්‍රියාත්මක කරන අධිකාරියක න්‍යායපත්‍රයක් යටතට නොගැනෙන බවත් විශේෂයෙන් ප්‍රකාශ කිරීමට අපි කැමැත්‍තෙමු.
- පිටු අංක 60 – ‘the ACJU reportedly did not regulate the religious space strategically or on a daily basis at the time’. එහි සිංහල පරිවර්තනය: ‘වාර්තා වන ආකාරයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් එකී කාලසීමාව තුළ උපායමාර්ගිකව හෝ දිනපතාම පාහේ ආගමික වතාවත් නියාමනය කොට නැත’.
යම් ප්‍රදේශයකට විශේෂ වූ සමාජ-ආගමික චර්යාවන් පිළිබඳව මෙහි දක්වා තිබේ. යම් කාලසීමාවක් තුළ සිදු වූ සමාජ විරෝධී සිදුවීම් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව වෙත චෝදනා එල්ලකොට තිබේ.
මෙරට තුළ ආණ්ඩුවක් සහ නීතිය ක්‍රියාත්මක කරන අධිකාරියක් ඇත. මෙවන් සිදුවීම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම එකී බලධාරීන්ගේ විෂයපථයක් මිස සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව යටතේ එකී කටයුතු පිළිබඳව වගකීම් පැවරී නැති බව අපි කවුරුත් දනිමු. ආගමික ආයතනයක් වශයෙන් තමන් යටතට ගැනෙන යුතුකම් සහ වගකීම් අදාළ පරිද්දෙන් නිසියාකාරව නියාමනය වන ආගමික සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අප සභාව බැඳී සිටී.
- පිටු අංක 203 – අප සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා හා එවකට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මැති තුමා සමග පැවති හමුවක දී සමාජය රැඩිකල්කරණය වීම ඉහළ යාම පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව සඳහන් කර ඇත.
මෙම පිටුවේම ඊට පෙර ඡේදයට අවධානය යොමු කිරීම වැදගත් ය: ‘it did not seem like the Sirisena administration nor the Rajapaksa government possessed the sophistication-including the presence of specialists- necessary to adequately comprehend the gravity of the situation’. එහි සිංහල පරිවර්තනය: ‘සිරිසේන පාලනයට මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවට වුවද, තත්‍ත්වයේ බරපතළකම හා සංකීර්ණත්වය ප්‍රමාණවත් අයුරින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය පුහුණුව ලැබූ විශේෂඥයන් සතු නොවීය.’
ආගමික මාර්ගෝපදේශ ලබාදීම සහ රැඩිකල්කරණය වීම සම්බන්ධයෙන් එරෙහිව කටයුතු කිරීම යන කරුණු අතර වෙනස හඳුනාගැනීමට ඔබ අපොහොසත් වී ඇති බව මෙයින් නිරීක්ෂණය කළ හැක. ඉහත දක්වා ඇති කරුණ සඳහා සුවිශේෂී දැනුමක්, අත්දැකීම්, විශේෂඥතාව, සහ යටිතල පහසුකම් අවශ්‍ය වන අතර, අප සභාවේ බලාධිකාරයට එකී කිසිවක් අන්තර්ගත නොවන බව සාමාන්‍ය අයෙකුට වුවද වැටහෙන කරුණකි.
ඉහත කරුණු පිළිබඳව ක්‍රියාකිරීමේ අධිකාරී බලය, යුතුකම් සහ වගකීම් සම්බන්ධයෙන් ආගමික ආයතනයක් සහ රජයක් අතර පවතින වෙනස්කම් පිළිබඳව පැහැදිලිව වෙන් කර දැක්වීමට මෙම පොත අපොහොසත් වී ඇත. ගැටුම් ඇතිවන අවස්ථාවලදී ඊට මැදිහත් නොවීම පිළිබඳව අප සභාවට විරුද්ධව එම පොතේ නොයෙක් තැන්වල චෝදනා නගා ඇතිමුත්, එම වගකීම පැවරෙන්නේ පොලීසියට සහ සමස්තයක් වශයෙන් රජයට බව දැක්වීමට අපොහොසත් වී ඇත.
ආගමික ආයතනයක් වශයෙන් අප සභාවේ සහාය අවශ්‍ය නම්, එවැනි දේ පිළිබඳව උපදෙස් දීම හෝ මැදිහත් වීම සඳහා රජය සහ බලධාරීන් විසින් අපට ආරාධනා කළ යුතු නමුත් තමන් විසින්ම නීතිය අතට ගෙන ක්‍රියාත්මක වීමට අප සභාවට අධිකාරී බලයක් නොමැත.
- පිටු අංක 191 – ‘Mufthi Rizwe could have helped the police to arrest Zahran’, එහි සිංහල පරිවර්තනය: ‘සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට උදව් කිරීමට මුෆ්ති රිස්වි තුමාණන්ට හැකියාව තිබුණි’ යනුවෙන් සඳහන් කර ඇත.
අනුමාන මත එල්බගෙන එල්ල කර ඇති නොයෙක් අභූත චෝදනා සහ ප්‍රකාශයන් අතර භයානකම චෝදනාව මෙය යි.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සහ මුස්ලිම් සිවිල් සමාජය නියෝජනය කරන පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව 2019 ජනවාරි මාසයේ දී හමු වී, සහරාන්ගේ වෛරී ප්‍රකාශ පිළිබඳව සාක්ෂි සපයමින්, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලීම් කළ බව ඔබ හොඳින්ම දන්නා කරුණකි. අපි නොදන්නා යම් හේතුවක් නිසා අධිකාරීන් මේ පිළිබඳව අපි කළ ආයාචනා නෑසූකන්ව සිටීම අවාසනාවකි.
මුස්ලිම් සමාජයට නිසි මගපෙන්වීම, සහෝදර ප්‍රජාවන් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීම, සහ මුස්ලිම් සමාජය තුළ සහ සමස්ත රටේම එකමුතුකම පිළිබඳ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමෙහි ලා අප සභාවේ දායකත්වය පිළිබඳව සාක්ෂි සහිතව ඔබ දැනුම්වත්ව සිටියදී, ඉහත කී අන්දමේ චෝදනාවක් එල්ල කිරීම පුදුමසහගත ය.
ජාතික ආරක්ෂාව, එකමුතුකම, සාමකාමී සහජීවනය සම්බන්ධයෙන් අප සභාව ගෙන ඇති පියවර සහ බලධාරීන් සහ ප්‍රජාව සමග අඛණ්ඩව පැවති සබඳතාවන් පිළිබඳව විවිධ අවස්ථාවලදී අපි ඔබ දැනුම්වත් කර ඇත්තෙමු.
උදාහරණ කිහිපයක් පහත දැක්වේ:
- 03.06 – සමගිය සහ සහජීවනය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු (මාධ්‍ය නිවේදනය)
- 01.04 – සාමය සහ එකමුතුකම ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම ආගමික නායකයින්ගේ යුතුකමයි. (මාධ්‍ය නිවේදනය)
- 03.20 – බෞද්ධ භික්ෂූන්ට එරෙහි ප්‍රහාරය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 07.08 – සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ම්ලේච්ඡ සහ අමානුෂික බුද්ධගයා ප්‍රහාරය තරයේ හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 08.26 – ඊජිප්තුවේ සහ සිරියාවේ සිදු වූ ප්‍රහාර සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තරයේ හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 05.15 – ව්‍යාකූල අවස්ථාවක දී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ (මාධ්‍ය නිවේදනය)
- 06.10 – ප්‍රජාවන් අතර එකමුතුව සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සම්මන්ත්‍රණය
- 07.06 – අයි.එස්.අයි.එස්. යනු ඉස්ලාමයට කිසිදු සම්බන්ධයක් නොමැති බව අප සභාපති විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‍ථා නාලිකාව ඔස්සේ මුස්ලිම් ප්‍රජාවට ප්‍රකාශ කරයි.
- 09.04 – අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරකම් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තරයේ හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 02.03 – අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ජපන් ජාතික ජනමාධ්‍යවේදීන් කුරිරු ලෙස ඝාතනය කිරීම සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තරයේ හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 07. 23 – අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංවිධාන ඒකාබද්ධව නිකුත් කළ ප්‍රකාශය
- 11.16 – පැරිස් නුවර සිදු කළ අමානුෂික ප්‍රහාරය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තරයේ හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 11.11 – වෛරී ප්‍රකාශන පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය
- 11.21 – සංහිඳියාව පවත්වා ගනිමින් ජනජීවිතය යථා තත්ත්වයට පත්වීමට ප්‍රාර්ථනා කරමු. (මාධ්‍ය නිවේදනය)
- 05.19 – සංහිඳියාව පවත්වා ගනිමින් ජනජීවිතය යථා තත්ත්වයට පත්වීමට ප්‍රාර්ථනා කරමු. (මාධ්‍ය නිවේදනය)
- 03.26 – මහනුවර සිදුවීම් පිළිබඳව සහරාන් විසින් නිකුත්කළ වීඩියෝව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තරයේ හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 12.26 – බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීම සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තරයේ හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 01.02 – ආරක්ෂක අංශ බලධාරීන් හමු වී සහරාන් හෂීම් පිළිබඳ සාක්ෂි බාර දීම.
- 04.21 – ක්‍රිස්තියානි දේවස්ථානවලට සිදුකළ ප්‍රහාරය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තරයේ හෙළාදකියි. (මාධ්‍ය නිවේදනය)
- 04.25 – ඉරිදා දේවමෙහෙය සඳහා සහාය දීම (මාධ්‍ය නිවේදනය)
- 05.02 – මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දේහයන් පිළිබඳ නිවේදනය (මාධ්‍ය නිවේදනය)
මෙකී සිදුවීම් හා/හෝ අවස්ථාවන් සම්බන්ධයෙන් මුළුමනින්ම ඔබ දැනුම්වත්ව සිටියද, ඒ බව නොතකා, අමූලික, නොමග යවන සුළු හා විකෘති කරන ලද මතවාද මත පදනම්ව ඔබ විසින් අප සභාව සහ අප නායකත්වය චෝදනාවට ලක් කිරීම අපට මහත් කණස්සල්ලක් උපදවයි.
මෙම පොතේ අන්තර්ගත කරුණු නැවත අධ්‍යයනය කර, අසත්‍ය අදහස් සංශෝධනය කර, නිවැරදි හරවත් කරුණු සහිතව නැවත ප්‍රකාශයට පත් කර, සත්‍ය අදහස් ජනගත කරන බවට සහතික වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙයට,
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහා ලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව