උලමා බලගැන්වීම
ඉස්ලාම් ආගමික විද්වත් කටයුතු සඳහා කමිටුව ආරම්භ අවදියේ පටන් සමාජයට හැකි උපරිමයෙන් සේවය කළ සහ අඛණ්ඩව සේවය කරන ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් මෙම කමිටුව කැපවී සිටී. තවද මෙමගින් ඉස්ලාම් ආගමික විද්වතුන් සඳහා පහත සඳහන් පුළුල් පරාසයක සේවාවක් සැපයීමට අරමුණු කරයි:
- අදාළ පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව මද්රසා අධ්‍යාපන ක්රමයප්රමිතිගත කිරීම
- අධ්‍යාත්මික, ශාස්ත්‍රීය සහ කුසලතා සංවර්ධනය පිළිබඳව ආගමික විද්වතුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම
- ආගමික විද්වතුන්ගේ විශේෂඥතාව මත පදනම්ව වර්ගීකරණය කිරීම සහ මුස්ලිම් ප්‍රජාවේ විවිධ අවශ්‍යතා සඳහා සුදුසුකම් ලත් ආගමික විද්වතුන් හඳුනා ගෙන ඔවුන්ව ඒ අනුව යෙදවීම
- ඉස්ලාම් ආගමික උසස් අධ්‍යාපනය සඳහා ආගමික විද්වතුන්ට උපකාර කිරීම
- ආගමික විද්වතුන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය සහ යහපැවැත්ම නංවාලීම
- ආගමික විද්වතුන් සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම, අවශ්‍ය වූ විට අවශ්‍ය තාක්ෂ‚ක සහ වෘත්තීය පුහුණුව ලබා දීම
- ප්‍රවීණ ආගමික විද්වතුන්ගේ කැපකිරීම් සහ සේවාවන් හඳුනාගෙන ඔවුන්ට ගෞරව කිරීම