අරාබි විද්‍යාලය
සමාජ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී වසර 150කට අධික ඉතිහාසයක් ඇති අරාබි විද්‍යාලවල කාර්යභාරය අතිමහත්ය. අද වන විට ශ්‍රී ලංකාවේ අරාබි විද්‍යාල 300 කට අධික සංඛ්‍යාවක් අඛණ්ඩව ප්‍රජාවට අමිල සේවාවන් සපයා ඇත. අරාබි විද්‍යාල යනු විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, මස්ජිඩ් ඉමාම්වරුන්, ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ඇතුළු බොහෝ මුස්ලිම් විද්වතුන් බිහි කළ අධ්‍යාපන ආයතන ලෙස සැලකේ. අරාබි විද්‍යාලවල මූල්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීමේ සහ ශීඝ්‍රයෙන් විකාශනය වන ගෝලීය අධ්‍යාපන ක්‍රමයට සහ අධ්‍යාපනික වර්ධනයන්ට අනුකූලව අධ්‍යාපන වැඩසටහන වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය සාක්ෂාත් වී ඇත.
අරාබි විද්‍යාල අංශය හරහා අරාබි විද්‍යාලවල මූල්‍ය කළමනාකරණය සහ අධ්‍යයන කටයුතු වැඩිදියුණු කිරීම සහ නියාමනය කිරීම ACJU හි අරමුණයි. අරාබි විද්‍යාලවල අනාගත අධ්‍යයන කටයුතු හැඩගැස්වීමේදී අඛණ්ඩ මග පෙන්වීමක් ලබා දීමට ද එය අපේක්ෂා කරයි.