අපගේ ව්‍යුහය

අනු කමිටු

අංශ

උලමා කටයුතු

ඉස්ලාමීය ආගමික විද්වතුන්ගේ කටයුතු පිළිබඳ කමිටුව | සමාජ සේවා කමිටුව

පුරවැසි කටයුතු

සහයෝගීතාව සහ සම්බන්ධීකරණය සඳහා වූ කවුන්සිලය

මුස්ලිම් ප්‍රජා කටයුතු

ෆත්වා කමිටුව | හිලාල් කමිටුව | අධ්‍යාපන, පර්යේෂණ සහ ප්‍රකාශන කමිටුව | ප්‍රචාරණ සහ මාර්ගෝපදේශ කමිටුව | කාන්තා කටයුතු කමිටුව

අධ්‍යාපන කමිටුව

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ අධ්‍යාපන කමිටුව කුඩා ළමුන් සඳහා වූ පාසල්” අරාබි විදුහල් හා මක්තබ් ආදිය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ අධ්‍යාපන දියුණුව සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් ඉටු කරන අතර මුස්ලිම් පාසල් වල අධ්‍යාපනික තත්ත්වය වර්ධනය කිරීමට මෙම කමිටුව හැකි තරමින් වෙහෙස දරයි.

ශ්‍රී ලංකාවේ අරාබි විදුහල් වල අධ්‍යාපනික තත්ත්වයන් නිරීක්ෂණය කරන අතර, එම විදුහල්  අතර සම විෂය නිර්දේශයක් ද ක්‍රියාවට නංවා ඇත.

කුඩා ළමුන්ගේ තඃලීම්” තර්බියා වැනි අංශ අවධානයට ගෙන මක්තබ් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරයි. අල්ලාහ්ගේ උදව්වෙන් මෙම ක්‍රියාවලිය ප්‍රශංසාවට ලක් වී ඇත.

සාමුහික එකමුතුකම භා සහජීවන කමිටුව

ඉස්ලාමීය මතවාදයන්” දඃවා සංවිධාන, තරීකාවන් අතර අන්‍යෝන්‍යය අවබෝධය, සුහදත්වය, එකමුතුකම, සහයෝගය ඇති කර සාමය ගොඩ නැගීමේ කටයුතු වල යෙදෙන අතර අනෙකුත් ආගම් සමග සහජීවනය හා අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමට මෙම කණ්ඩායම වෙහෙස දරයි.

ෆත්වා කමිටුව

දෛනික ජීවිතයේ මිනිසුන් මුහුණ පාන ප්‍රශ්න වලට ආගමික විසඳුම් ලබා දීමේ සම්පූර්ණ අනුමැතිය හිමි එකම සංගමය වශයෙන් සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංගමය ක්‍රියා කරයි. ඉස්ලාමය සම්බන්ධ ප්‍රශ්න වලට විසඳුම් දීම සඳහා ගරු අධිකරණය ද මෙම සංගමයේ ෆත්වා දෙස අවධානය යොමු කරයි. දිනපතා දුරකථන මගින් වාචිකව, ලිඛිතව හා සම්මුඛව විමසා ෆත්වා අසා පැමිණෙන පිරිසට ෆත්වා හෙවත් ඉස්ලාම් ආගමික නීතිරීතීන් ඇසුරෙන් විසඳුම් ලබා දෙයි.

මාසිකව ෆත්වා කමිටු රැස්වීම පැවැත් වෙන අතර අපගේ සාමාජිකත්වය දරන ප්‍රාදේශීය ශාඛාවලට අයත් ආලිම්වරුන්ගේ ගැටළු සහගත හා මතභේදයට ලක් වූ කරුණු ඉතා පැහැදිලිව ගවේෂණය කර ෆත්වාවන් ලේඛන ගත කරයි. එලෙස ලිය වූ හා එළිදැක් වූ ෆත්වාවන් මෙතෙක් 296 ක් පමණ පළ කර ඇත.

හිලාල් (නව සඳ තීරණය කිරීමේ) කමිටුව

  • සෑම මසකම කොළඹ මහ පල්ලිය සමඟ ඒකාබද්ධ වී නව සඳ දැක හිජ්රි දින දර්ශනය නිකුත් කෙරේ. එමෙන්ම නව සඳ පිළිබඳව ජනයා තුළ දක්නට ලැබෙන වැරදි මත පැහැදිලි කර නිවැරදි කරමින් සියලු පාර්ශවයන් එකඟ කිරීම පිණිස නොයෙකුත් ප්‍රදේශ වල නව සඳ පිළිබඳ වූ රැස්වීම්, සම්මන්ත්‍රණ පවත් වනු ලැබේ. එමෙන්ම සලාතයේ කාල සටහන, මස්ජිදයන්හි කිබ්ලා දිශාව යනාදිය නිවැරදිව තිබේ දැ‘යි ද විමර්ශනය කෙරේ.

ඉස්ලාමීය ආර්ථික හා මූල්‍යමය කටයුතු සඳහා උපදේශක කමිටුව

  • බැංකු හා මූල්‍ය ආයතන සඳහා වූ ඉස්ලාමීය මඟ පෙන්වීම හා උපදෙස් මෙමඟින් ලබා දෙයි. වර්ධනය වෙමින් පවතින නවීන ආර්ථික ක්‍රමවේද වෙත අවධානය යොමු කර ඒවාට මුහුණ දෙන ආකාරයට ආලිම්වරුන් දැනුවත් කිරීමේ උසස් අරමුණින් නොයෙකුත් නේවාසික පුහුණු වැඩසටහන් හා සම්මන්ත්‍රණ පවත්වනු ලබයි. ශ්‍රී ලංකාවේ සියලු මස්ජිදයන් ආශ්‍රිත ජනතාව සඳහා අදාල මස්ජිදයන් හී ‘බයිතුල් මාල්‘ නම් වැඩ පිලිවෙලක් දියත් කරමින් පවතී.

තොරතුරු රැස් කිරීමේ කමිටුව

    • මුස්ලිම්වරුන් හා සම්බන්ධ වූ සියලු තොරතුරු එක්රැස් කිරීම මෙම කමිටුව විසින් සිදු කරනු ලැබේ. මුස්ලිම් පාසල්, අරාබි මද්රසා, මස්ජිද්, මක්තබ්, පෞද්ගලික ආයතන, උගතුන්, විද්වතුන් ආදී සමාජය හා සම්බන්ධ තොරතුරු එක්රැස් කෙරේ.

      මෙවැනි විවිධ සමාජ සේවාවන් වල නිරත වී කැපවීමෙන් යුතුව කටයුතු කරමින් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ ශක්තිය අධිෂ්ඨානය හා වර්ධනය ඇත්තෙන්ම මුස්ලිම් සමාජයේ සංවර්ධනය හා දියුණුව වන්නේය.

      එබැවින් සෑම දෙනාම ස්වකීය කැමැත්ත හා අකමැත්තට ඔබ්බෙන් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ වර්ධනය උදෙසා තමාට හැකි සහයෝගයක් දීමට ඉදිරිපත් වන ලෙස මෙම සංගමය සියලු දෙනාටම ආරාධනා කරයි. අල්ලාහ් අප සියලු දෙනාව ඔහු ප්‍රිය කරන මාර්ගයේ හසුරුවා අපගේ සත් ක්‍රියාවන් සියල්ල පිලි ගනිත්වා !

      ආමීන් !