ප්‍රචාරණ සහ මාර්ගෝපදේශ කමිටුව

නොමග ගිය සංවිධාන ව්‍යාපාර හා වැරදි මගපෙන්වීම් බැහැර කිරීම සඳහා ප්‍රජාවට සහාය වීම සහ නිවැරදි මග පෙන්වීම් ලබා දීම කෙරෙහි මෙම කමිටුව අවධානය යොමු කරයි. තවද මෙම කමිටුව විසින් හජ් වන්දනාව, රමළාන් උපවාසශීලය, පවුල් ජීවිතය, සමගිය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම වැනි මාතෘකා ඔස්සේ සෑම ප්‍රාදේශීය ශාඛාවක් හරහාම මහජනතාවට අවශ්‍ය දැනුවත් කිරීමේ
වැඩසටහන් පවත්වනු ලබන අතර මහා පාපයන්වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රජාවට මග පෙන්වීම ලබාදෙයි. තවද නොමඟ ගිය සංවිධාන හා මතවාද පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්
නිතිපතා සංවිධානය කර පවත්වන අතර අවශ්‍ය පරිදි මහජනතාවට මඟ පෙන්වීම් ලබාදෙන මෙන් ඉස්ලාම් ආගමික විද්වතුන් දිරිමත් කරයි.