අල්-කුර්ආන් මද්රසා

අල්-කුර්ආන් මද්රසා අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින්, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දහම් පාසල් විෂය නිර්දේශය සහ විෂය රාමුව මත පදනම්ව, එය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී. එම විෂය නිර්දේශය සකස් කර ඇත්තේ ශ=ද්ධ අල්-කුර්ආනය පාරායනය කිරීම, එය පිළිබඳ නිසි අවබෝධය, නබි මුහම්මද් තුමාගේ නබිවදන් (හදීස් සම්ප්‍රදායන්), zආදාබ්Z (යහපත් ආචාර විධි, පුරුදු), zඅක්ලාක්Z (සදාචාරය, යහ ගුණධර්ම), සහජීවනය, ඉස්ලාමීය ඉතිහාසය සහ අරාබි භාෂාව යන විෂයන් අන්තර්ගත වන අයුරින් ය.
මෙම විෂය නිර්දේශය කිසිඳු ආකාරයක අන්තවාදී, ත්‍රස්තවාදී හෝ සාමයට, සංහිඳියාවට හානි කළ හැකි අන්තර්ගතයකින් හෝ මතවාදයකින් තොර බවට සහතික වී ඇත. ප්‍රාථමික ඉස්ලාම් ආගමික
අධ්‍යාපනය සඳහා විෂයමාලා රාමුවේ දළ සටහන කෙටුම්පත් කළ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ගේ සහ අදාළ නිලධාරීන්ගේ මඟපෙන්වීම් සහ උපදෙස් අනුව මෙම විෂය මාලාව සකස් කර ඇත.