ACJU/NGS/2026/43
2026.03.21 (1447.10.01)
සර්වබලධාරී අල්ලාහ්, මෙම වසරේදී ඊදුල් ෆිත්ර් පුණ්‍ය උත්සවය සැමරීමට අපට භාග්‍ය ලබා දුණි. හිජ්රි 1447 වන වසරේ පුණ්‍යවත් රමළාන් මාසයේදී අපි උපවාසශීලයේ නිරත වී, ශුද්ධ වූ අල්-කුර්ආනය පාරායනා කරමින්, සත්ක්‍රියාවන් සිදු කරමින්, ප්‍රයෝජනවත් ලෙස කාලය ගත කළෙමු.
මෙම පුණ්‍ය රමළාන් ඊද් දිනදී, රට පුරා ඊදුල් ෆිත්ර් සමරන සියලුම සහෝදර සහෝදරියන්ට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමු.
මෙම ඊද් ෆිත්ර් උත්සව අවස්ථාවේදී, මැද පෙරදිග රටවල ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය අවසන් වී, අක්‍රමිකතා නැවතී, ඉරානය ඇතුළු යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති සියලු රටවලට සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍ය උදා වේවා’යි අපි මහා කාරුණික අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.
එමෙන්ම, පලස්තීනයේ ගාසා තීරයේ ජීවත් වන අසාධාරණයට ලක්වූ මුස්ලිම් ජනතාවට ඉක්මනින් යුක්තිය ලැබී, ඔවුන්ට සාමය හා නිදහස හිමි වේවා‘යි අපි ප්‍රාර්ථනා කරමු.
ලෝකයේ සියලුම රටවල ජනයා සාමය බලාපොරොත්තු වෙමින් ජීවත් වෙති. එම බලාපොරොත්තුව සාර්ථක වී, යුද්ධ නැවතී, සමස්ත මානවයා එකමුතුවෙන්, සහෝදරත්වයෙන් හා නිදහසින් යුතුව සතුටින් ජීවත් වීමට හැකි වේවායි අපි මහා කාරුණික අල්ලාහ්ගෙන් අයැද සිටිමු.
එමෙන්ම, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ආර්ථික අපහසුතා හේතුවෙන් තවදුරටත් පීඩාවට පත් නොවී, එම රටවල ජනතාවට සාමයෙන් හා සංවර්ධනය සමඟ ජීවත් වීමට හැකි වේවා’යි අපි ප්‍රාර්ථනා කරමු.
මෙම ඊදුල් ෆිත්ර් උත්සව සමයේදී, අපගේ පවුලේ ඥාතීන් අතර, සේවා ස්ථානවල සහ සමාජයේ සමඟිය හා එකමුතුකම වර්ධනය කරමු. අප සමඟ ජීවත් වන අසල්වැසියන්ට සහ අවශ්‍යතාව ඇති අයට ද මෙම උත්සවය සතුටින් සැමරීමට අපට හැකි උපකාර ලබා දෙමු.
සර්ව බලධාරී අල්ලාහ්, අපි නියැලුනු උපවාසශිලයන්, අපගේ වන්දනා සහ සියලු යහපත් කටයුතු පිළිගෙන, අපට උතුම් ප්‍රතිලාභ ලබා දෙනු මැනව!
تقبل الله منا ومنكم
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව






