අධික වර්ෂාපතනයෙන් සහ තද සුළං ආපදාවලින් ආරක්ෂාව පතා අයැදින මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ACJU/NGS/2025/185
2025.10.22 (1447.04.29)

දයාබර හිතවතුනි,

අස්-සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු,

2025 ඔක්තෝබර් 21 වන දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහිත අයහපත් කාලගුණ තත්වයක් විය හැකි බවත්, ඒ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අනතුරු අඟවා ඇත.

එම නිසා, අධික වර්ෂාපතනයෙන් සහ තද සුළං ආපදාවලින් ආරක්ෂාව පතා අයැදින මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව, අධික වර්ෂාපතනයට හා අනතුරු වලට ලක් විය හැකි ප්‍රදේශවල ජනතාවට, රජය විසින් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත්, සියල්ලෝම මහා කාරුණික අල්ලාහ් වෙත යොමු වී ඔහුගේ උපකාර හා රැකවරණය පතා ප්‍රාර්ථනාවන්හි නියැලෙන ලෙසත්, පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනය කරන ලෙසත්, මෙවන් අවස්ථාවන්හිදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව තම ප්‍රදේශයේ ජනතාවට මග පෙන්වන ලෙසත් ආලිම්වරුන්ගෙන් අප සභාව කාරුණිකව ඉල්ලා සිටියි.

සුළඟ තදින් හමන විට කළ යුතු පාරායනය:

اللهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَهَا، وَخَيْرَ مَا فِيهَا، وَخَيْرَ مَا أُرْسِلَتْ بِهِ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا، وَشَرِّ مَا فِيهَا، وَشَرِّ مَا أُرْسِلَتْ بِهِ

“අහෝ අල්ලාහ්! මෙම සුළඟේ යහපතද, එහි අන්තර්ගත යහපතද, එය සමඟ ඔබ එවන ලද යහපතද මා අයැද සිටිමි. තවද මෙම සුළඟේ නපුරෙන්ද, එහි අනතර්ගත නපුරෙන්ද, එය සමඟ ඔබ එවන ලද නපුරෙන්ද රැකවරණය පතමි.” (මුස්ලිම් 899)

අවශ්‍යතාව ඉක්මවා වර්ෂාව පතිත වූ විට කියවිය යුතු පාරායනය:

اللهُمَّ حَوَالَيْنَا وَلَا عَلَيْنَا ، اللهُمَّ عَلَى الأَكَامِ وَالجِبَالِ وَالآجَامِ وَ الظَّرَابِ والاَودِيَةِ وَمَنَابِتِ الشَّجَرِ

“අහෝ අල්ලාහ්! මෙම වර්ෂාව අපගේ වටපිටාවට හානියක් නොවී, වැලි කතර, කඳු, ඇළ දොළ සහ වගා බිම් මත පතිත කරනු මැනව” (බුහාරි 1013)

මහා කාරුණික අල්ලාහ්, අපට යහපත් කාලගුණ තත්ත්වයක් පිරිනමා, සියලු ආපදාවලින් අප සියල්ලන්ම ආරක්ෂා කරනු මැනව!

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව (ACJU)

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *