78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ පණිවිඩය

Ref: ACJU/NGS/2026/008
2026.02.04 (1447.08.15)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 78 වැනි නිදහස් දිනය නිමිත්තෙන්, අප මව්බිමේ සියලු පුරවැසියන් වෙත සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව තම හෘදයාංගම සුභ පැතුම් පිරිනමයි.

නිදහස යනු යුක්තිය තහවුරු කිරීම, එකමුතුකම පවත්වා ගැනීම, අන්‍යෝන්‍ය ගෞරවය සහ වගකීම රැකගැනීම වැනි උතුම් වටිනාකමක් අප වෙත අවධාරණය කරන්නකි. බහු ආගමික හා බහු ජාතික ප්‍රජාවක් නියෝජනය වන ශ්‍රී ලංකාව තුළ සාමකාමී සහජීවනය, උසස් නීතිමය හා නෛතික අගයන්, ජාතික ඒකාග්‍රතාව සහ ප්‍රගතිය සඳහා වූ සමූහ කැපවීම නිසා තම ශක්තිය ඉස්මතු වෙයි.

තම මව්බිමට ගෞරව කිරීම, සාධාරණ නීති අනුගමනය කිරීම, සමාජ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සහ සමාජ යහපත වෙනුවෙන් ධනාත්මක දායකත්වයක් සැපයීම ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් ප්‍රධාන ස්ථානයක් ගනී. මෙම හැඟීම මත පදනම්ව, සියලු ප්‍රජාවන්ට, විශේෂයෙන් තරුණ පරපුරට, නෛතික රාමුව තුළ කටයුතු කරන ලෙසද, බහුත්වය අගයන ලෙසද, තිරසාර සංවර්ධනය, සාමය සහ සහජීවනය උදෙසා එක්ව කටයුතු කරන ලෙසද අපි ආරාධනා කරමු.

ජාති, ආගම් හෝ වර්ග භේදයකින් තොරව, අපට මෙම නිදහස ලබා දීමට තම ජීවිත කැප කළ සියලු ක්ෂේත්‍රවල නායකයින් සහ දේශප්‍රේමීන් මෙම දිනයේදී අපි කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කරමු.

අපගේ පූර්වජයින් සෑම පුරවැසියෙකුටම ආර්ථික, සමාජීය සහ දේශපාලන නිදහස සමග ගෞරවය, අභිමානය සහ සහෝදරත්වය හිමි වන රටක් පිළිබඳ සිහින දැක, මව්බිමේ නිදහස වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කළහ.

මෙවන් පසුබිමක් තුළ, නවීන ගෝලීය සංවර්ධන ප්‍රවණතා සමඟ රට ඉදිරියට ගෙන යාමත් සමඟම මෙරටේ ආගමික හා සංස්කෘතික අගයන් සුරක්ෂිත කිරීමත් රජයන්ගේ වගකීමක් බවත් අපි විශ්වාස කරමු.

මෙරට පුරවැසියන් වූ අප සැම, අනාගත පරපුර වෙනුවෙන් අප වෙත භාර දී ඇති මෙම අති වටිනා නිදහස සුරකිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සෞභාග්‍යය උදෙසා එක්ව කටයුතු කරමු.

සර්ව බලධාරී අල්ලාහ්, අපගේ මව්බිමට දිගුකාලීන සාමය, ස්ථාවරත්වය, සමෘද්ධිය සහ සෞභාග්‍යය උදා කරත්වා!

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *