සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ලබන තෙවසර සඳහා වන විධායක කමිටුව තෝරා පත්වීම

ACJU/NGS/2022/158

2022 ජූනි මස 18 වෙනිදා (17.11.1443)

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ නව විධායක කමිටුව තෝරා පත් කර ගැනීමේ මධ්‍යම කාරක සභා රැස්වීම අද 2022.06.18 සෙනසුරාදා දින ප.ව. 03.30 ට මහනුවර කටුකැලේ ජුමුආ මස්ජිදයේදී ආරම්භ විය.

මෙහිදී ගරු අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමන් විසින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන ලදී. අනතුරුව ගරු භාණ්ඩාගාරික අෂ්-ෂෙයික් ඒ.එල්.එම්. කලීල් තුමන් විසින් ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන ලද අතර ගරු සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමන් විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී. මේ සමඟම පැරණි විධායක කමිටුව විසුරුවා හැරීය.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක කමිටුව වසර තුනකට වරක් අප මධ්‍යම කාරක සභා රැස්වීමේදී තෝරා පත් කර ගත යුතුය.

මෙලෙස නව විධායක කමිටුව තේරීමේදී තාවකාලික සභාපතිවරයා ලෙස ගරු අෂ්-ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස් තුමන් කටයුතු කළහ. එතුමන්ට සහය ලෙස අෂ්-ෂෙයික් අයි.එල්.එම්. හාෂිම් සූරි සහ ආචාර්ය අෂ්-ෂෙයික් ඒ. අස්වර් අසාහිම් යනාදීන් කටයුතු කළෝය.

මධ්‍යම කාරක සභා සභිකයින් වූ දිස්ත්‍රික් ශාඛාවන් 24 හි සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු දරන්නන් ඇතුළු සාමාජිකයන් 103 දෙනෙකු කැඳවා තිබූ මෙම රැස්වීමේදී රහස් ඡන්දයකින් පහත සඳහන් සාමාජිකයන් 30 දෙනා විධායක කමිටු සාමාජිකයන් හා එහි තනතුරු දරන්නන් ලෙස තෝරා පත් විය.

එනම්,

1. ගරු සභාපති – අෂ් ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
2. ගරු මහ ලේකම් – අෂ් ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
3. ආචාර්ය අෂ්-ෂෙයික් ඒ.ඒ. අහ්මද් අස්වර් – ගරු භාණ්ඩාගාරික

4. අෂ්-ෂෙයික් එච්. උමර්දීන් – ගරු උප සභාපති
5. අෂ්-ෂෙයික් එම්.ජේ. අබ්දුල් කාලික් – ගරු උප සභාපති
6. අෂ්-ෂෙයික් එම්.එල්.එම්. රිලා – ගරු උප සභාපති
7. අෂ්-ෂෙයික් අයි.එල්.එම්. හාෂිම් – ගරු උප සභාපති
8. අෂ්-ෂෙයික් ඒ.එල්.එම්. කලීල් – ගරු උප සභාපති

9. අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම් – ගරු උප ලේකම්
10. අෂ්-ෂෙයික් ඒ.සී.එම්. ෆාසිල් – ගරු උප ලේකම්

11. අෂ්-ෂෙයික් එම්.කේ. අබ්දුල් රහ්මාන් – ගරු උප භාණ්ඩාගාරික

12. අෂ්-ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස් – ගරු සාමාජික
13. අෂ්-ෂෙයික් කේ.එම්. මුක්සිත් – ගරු සාමාජික
14. අෂ්-ෂෙයික් එම්.එම්. හසන් ෆරීද් – ගරු සාමාජික
15. මහාචාර්ය අෂ් ෂෙයික් එම්.එල්.එම්. මුබාරක් (මදනි) – ගරු සාමාජික
16. අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් – ගරු සාමාජික
17. අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් – ගරු සාමාජික
18. අෂ්-ෂෙයික් එස්.එල්. නව්ෆර් – ගරු සාමාජික
19. අෂ්-ෂෙයික් ඒ. සී. අගාර් මුහම්මද් – ගරු සාමාජික
20. අෂ්-ෂෙයික් එස්.ඒ.එම්. ජව්ෆර් – ගරු සාමාජික
21. අෂ්-ෂෙයික් ඒ.ආර් අබ්දුල් රහ්මාන් – ගරු සාමාජික
22. අෂ්-ෂෙයික් එම්.එස්.එම්. ෆරූද් – ගරු සාමාජික
23. අෂ්-ෂෙයික් අබ්දුල්ලා මහ්මූද් – ගරු සාමාජික
24. අෂ්-ෂෙයික් එම්.එෆ්.එම්. ෆාසිල් – ගරු සාමාජික
25. අෂ්-ෂෙයික් (මුෆ්ති) එම්.එච්.එම්. යූසුෆ් – ගරු සාමාජික
26. අෂ්-ෂෙයික් එස්.එච්. ආදම් බාවා – ගරු සාමාජික
27. අෂ්-ෂෙයික් එම්. රිෆා – ගරු සාමාජික
28. අෂ්-ෂෙයික් එන්.ටී.එම්. ලරීෆ් – ගරු සාමාජික
29. අෂ්-ෂෙයික් කේ. ඒ. සකී අහ්මද් – ගරු සාමාජික
30. අෂ්-ෂෙයික් ඒ. එල්. අබ්දුල් ගෆ්ෆාර් – ගරු සාමාජික

 

සර්වබලධාරී අල්ලාහ්, අපගේ සියලු යහපත් ක්‍රියාවන්ට ආශීර්වාද කරත්වා!

 

අෂ් ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *