අධික උෂ්ණත්වය නිමාවට පත් කර ගැනීම සඳහා ඉස්තිස්කා සලාතය ඉටු කරමින් දුආවල නිරත වෙමු

2026.04.02
1447.10.13

අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු!

රටේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින උෂ්ණත්වය ඉහළ යාම සහ දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනතාව විශාල අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටි.

ජලය මනුෂ්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය වන අතර, එය නොමැතිවීම හෝ ප්‍රමාණවත් නොවීම නිසා වගා වියළී විනාශ වෙමින් පවතින අතර, සතුන් සහ අනෙකුත් ජීවීන් ද දැඩි ලෙස බලපෑමට ලක්වී ඇත. එමෙන්ම, ප්‍රමාණවත් ජල සැපයුම නොමැති වීම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවලට ද බාධා වී ඇත.

මෙවන් අසාමාන්‍ය තත්ත්වයන් තුළ, අපගේ දෛනික ජීවිතය නැවත සමාලෝචනය කර නිවැරදි කර ගැනීමත්, වැඩි වශයෙන් ඉස්තිඝ්ෆාර් කිරීමත් නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ මාර්ගය වේ. එමඟින් අපගේ පාප මකා දමා, අල්ලාහ්ගේ කරුණාව අප වෙත ලැබීමට හේතු වේ.

ඒ අනුව, අපගේ පාපයන් සඳහා තව්බා කර, ඉස්තිඝ්ෆාර් කරමින්, අතිරික්ත වියදම් වලින් වැළකී, දානධර්ම කටයුතු වල නිරත වෙමින්, රට පුරා පවතින වියළි තත්ත්වය අවසන් වී වර්ෂාව ලැබීමට අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන ලෙස සියලු මුස්ලිම්වරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම, වියළි තත්ත්වයෙන් දැඩි ලෙස බලපෑම් ඇති ප්‍රදේශවල වගකීම් භාරකරුන්, මස්ජිද් පාලකයින් සහ ඉමාම්වරුන් විසින්, වර්ෂාව සඳහා ඉල්ලීමේ නමස්කාරය (සලාතුල් ඉස්තිස්කා) සංවිධානය කිරීමත්, එයට අදාල දුආවන් කිරීමත් සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

නබි නූහ් (අලයිහිස්සලාම්) තම ජනතාවට දුන් උපදේශය පිළිබඳව අල්ලාහ් මෙසේ පවසයි:

“ඔබගේ රබ්ගෙන් සමාව ඉල්ලන්න. නියතවම ඔහු බොහෝ සමාව දෙන කෙනෙකි. එසේ කළහොත් ඔහු ඔබට අඛණ්ඩව වර්ෂාව ලබා දෙනු ඇත. ඔබට සම්පත් සහ දරුවන් දී උදව් කරනු ඇත. ඔබට උයනන් සහ ගංගා සලසා දෙනු ඇත.” (සූරා නූහ්: 10–12)

නබි (සල්) තුමාණන් විසින් වර්ෂාව සඳහා කියූ දුආවන් කිහිපයක්:

اللَّهُمَّ اسْقِنَا غَيْثًا مُغِيثًا مَرِيئًا مَرِيعًا نَافِعًا غَيْرَ ضَارٍّ، عَاجِلًا غَيْرَ آجِلٍ (سنن أبي داود: 116)

اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا (صحيح مسلم: 897)

اللَّهُمَّ اسْقِ عِبَادَكَ وَبَهَائِمَكَ، وَانْشُرْ رَحْمَتَكَ، وَأَحْيِ بَلَدَكَ الْمَيِّتَ (سنن أبي داود: 117)

සටහන: මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රදේශ ශාඛා භාරකරුවන්, මස්ජිද් පාලකයින් සහ ඉමාම්වරුන් තම තමන්ගේ ප්‍රදේශයන්ට අනුව අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජමිය්‍යතුල් උලමා සභාව

අෂ්-ශෙයික් එම්.ටී.එම්. සල්මාන්
උප ලේකම් – ෆත්වා කමිටුව
සමස්ත ලංකා ජමිය්‍යතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *