රුක් රෝපණ ව්‍යාපෘතිය සම්බන්ධව ගුවන් හමුදා නිළධාරී ජයනාත් ද සිල්වා මහතා සහ ව්‍යාපෘති භාර ගරු පූජ්‍ය ඇඹිලිපිටිය ආනන්ද හිමි සමග වූ සුහද හමුව

රුක් රෝපණ ව්යාපෘතිය සඳහා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ දායකත්වය පිළිබඳ වූ සාකච්ඡාව සඳහා ගුවන් හමුදා නිළධාරී ජයනාත් ද සිල්වා මහතා සහ ව්යාපෘති භාර ගරු පූජ්ය ඇඹිලිපිටිය ආනන්ද හිමි අද 2022.06.02 දින පෙරවරු 10.30 ට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මූලස්ථානයට පැමිණියෝය.
 
නිර්මාණශීලි මෙම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මහලේකම් අෂ්-ෂේක් එම්. අර්කම් නූරාමිත්, සහකාර ලේකම් අෂ්-ෂේක් එම්. එස්. එම්. තාසීම් සහ විධායක කමිටු සාමාජිකයින් වන අෂ්-ෂේක් නව්ෆර්, අෂ්-ෂේක් බුර්හාන් කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අෂ්-ෂේක් ෆර්හාන්, අෂ්-ෂේක් ෆවාස් සහ අෂ්-ෂේක් සල්මාන් යනාදීන් සහභාගී වූහ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *