21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවගේ අදහස් දැනගැනීම සඳහා ගරු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් සිදුකළ සාකච්ඡාව

ශ්රීලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මුස්ලිම් ප්රජාවගේ අදහස් දැනගැනීම සඳහා ගරු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයෙන් පසුගිය 2022.06.03 දින අධිකරණ අමාත්යාංශ මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට මුස්ලිම් සිවිල් සමාජ සංවිධානවලට සහ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවට ආරාධනා කෙරුණු අතර අප සභාව වෙනුවෙන් එහි මහලේකම් අෂ්-ෂේක් එම්. අර්කම් නුරාමිත්, සහකාර ලේකම් අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්, සහකාර භාණ්ඩාගාරික ආචාර්ය අෂ්-ෂේක් අස්වර්, විධායක කමිටු සාමාජික අෂ්-ෂේක් එම්.එච්.එම්. බුර්හාන් සහ මාධ්ය සම්බන්ධීකාරක අෂ්-ෂේක් ෆහද් යනාදීන් සහභාගි වූහ. සිවිල් සමාජය නියෝජනය කරමින් නීතීඥ ජාවිද් යූසුෆ්, ඉෆ්තිකාර් අසීස් සහ රියාස් මුලර් යන මහත්වරු පෙනී සිටියහ.
 
රටට සහ සියලු ජාතීන්ට වගකියන රජයක් පිහිටුවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර සර්වාගමික නායකයින්ගේ අනුශාසනයෙන් පිහිටුවා ඇති මහජන සභාවේ සමාරම්භක අවස්ථාවේදී අප සභාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ යෝජනා අමාත්යවරයා වෙත මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි.
mm
 

ll

rs

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *