පකිස්තානයේ සියල්කොට් හි සිදුවූ අමානුෂික ප්‍රහාරය හෙළා දකිමු

යොමු අංකය : ACJU/NGS/2021/277

2021 දෙසැම්බර් මස 04 වෙනිදා

පකිස්තානයේ සියල්කොට් හි සිදුවූ අමානුෂික ප්‍රහාරය හෙළා දකිමු

සියල්කොට් හි කර්මාන්ත ශාලාවට එල්ල වූ බිහිසුණු අමානුෂික ප්‍රහාරය සහ ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු ගිනි තැබීම අපි තරයේ හෙළා දකිමු. එමෙන්ම මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන සැකකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාකිස්තාන නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරියට අපගේ ප්‍රශංසාව ද පුදකර සිටිමු.

මෙම ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. විපතට පත් අයගේ පවුලේ උදවියට සැනසුම, සාධාරණය අත්වේවායි ප්‍රාර්ථනා කරන අතර ඒ වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.

ලෝකවාසී සියලු පුරවැසියන්, නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් ප්‍රජාවන් අතර තිරසාර සහෝදරත්වය ගොඩනැගීම සඳහා මානුෂීයව ක්‍රියා කරමින් අපගේ අනාගත පරම්පරාවට යහපත් පරිසරයක් දායාද කිරීම අපගේ අවංක බලාපොරොත්තුවයි.

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *