සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ අම්පාර දිස්ත්‍රික් ශාඛාව සහ එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ශාඛා 14 සඳහා ඉදිරි වසර තුනක කාලසීමාවට අදාළ විධායක කමිටු තේරීම්, 2026 නොවැම්බර් මස 20, 21 සහ 22 යන දිනවල ජම්ඉය්යවේ ශාඛා කටයුතු අංශයේ ප්‍රධානි අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
මේ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ශාඛාවන් වන මධ්‍යම කඳවුර, නට් පිට්ටිමුනේ , මරුදමුනේ, කල්මුනේ, සයින්දමරුදු, මාවඩිපල්ලි, ඉරක්කාමම් , සම්මන්තුරේ, පොතුවිල්, නින්දවූර්, ඔලුවිල්, පාලමුනේ, අට්ටාලචේන සහ අක්කරපත්තුව යන ශාඛාවන්හි තේරීම් අදාළ ප්‍රදේශයන්හිදී පැවැත්වුණු අතර, ඒ ඒ ශාඛාවන් සඳහා සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු ඇතුළත් විධායක කමිටු ද තෝරා පත් කර ගන්නා ලදී.
ප්‍රාදේශීය ශාඛාවන්හි විධායක කමිටු තේරීම්වලින් අනතුරුව, අම්පාර දිස්ත්‍රික් ජම්ඉයියාවේ විධායක කමිටුව තෝරා පත් කර ගැනීම නින්දවූර් ජුම්මා මස්ජිදයේදී පැවැත්විණි. මේ සඳහා අලුතින් තේරී පත් වූ ප්‍රාදේශීය ශාඛාවන්හි සභාපතිවරුන්, ලේකම්වරුන්, භාණ්ඩාගාරිකවරුන් මෙන්ම හිටපු දිස්ත්‍රික් ශාඛා සාමාජිකයින් ද කැඳවා තිබූ අතර, ඔවුන් අතරින් දිස්ත්‍රික් විධායක කමිටුව සහ එහි සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික, උප සභාපති සහ සහකාර ලේකම ද තෝරා පත් කර ගන්නා ලදී.
මෙම සියලු තේරීම් ජම්ඉයියතුල් උලමා සභාවේ ව්‍යවස්ථානුකූල විධිවිධානවලට අනුකූලව, රහස් ඡන්ද ක්‍රමය යටතේ ඉතා විධිමත්ව සහ පිළිවෙළකට සිදු කරන ලදී.
ජම්ඉයියතුල් උලමා සභාවේ ශාඛා කටයුතු අංශයේ සභාපති අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් මහතාගේ ප්‍රධානත්වයෙන්, එම අංශයේ ලේකම් අෂ්-ෂෙයික් එන්.ටී.එම්. ලෆ්රීෆ්, විධායක කමිටු සාමාජිකයින් වන අෂ්-ෂෙයික් කේ.එම්. මුක්සිත් සහ අෂ්-ෂෙයික් එම්.එම්. අලාබ්ඩීන් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ද, ජම්ඉය්යාවේ සාමාන්‍යාධිකාරී සහෝදර එස්. ජවාහීර් සාලි මහතා ඇතුළු ජම්ය්යාඉවේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් ද මෙම තේරීම් කටයුතු සාර්ථකව අවසන් කරන ලදී.















– ACJU Media –


