සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාවේ ඉදිරි වසර දෙක සඳහා සැලසුම් සකස් කිරීමේ විශේෂ විධායක කමිටු රැස්වීම

සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සවේ ඉදිරි වසර දෙක සඳහා වන සැලසුම් සකස් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ විධායක කමිටු රැස්වීම, සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් මහතාගේ මෙහෙයවීමෙන් නොවැම්බර් මස 07 සහ 08 යන දෙදින මහනුවර, හෙන්දෙස්ස, ඉනායා ගාර්ඩන් (G’CEC) හිදී පැවැත්විණි.

පසුගිය වසරක කාලය තුළ ජමිඉයියාාව විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳව සමාලෝචනය කිරීම සහ 2027–2028 වර්ෂයන් සඳහා අනු අංශවල ඉදිරි ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම යන අරමුණු මුල් කරගනිමින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

මෙහිදී, අනු කමිටුවන් හි සභාපතිවරුන්, ලේකම්වරුන් සහ සම්බන්ධීකාරකවරුන් විසින් පසුගිය වසර තුළ තමන්ගේ අංශ මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන ලද අතර, ඒවායේ ප්‍රගතිය සහ අත්කරගත් ප්‍රතිඵල පිළිබඳවද පැහැදිලි කරන ලදී.

එමෙන්ම, 2027 සහ 2028 වර්ෂයන් සඳහා යෝජිත ක්‍රියාකාරී සැලසුම් සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වන ඉදිරි සැලසුම් සභාවට ඉදිරිපත් කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් විධායක කමිටු සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා ද ලබා ගන්නා ලදී.

මෙම රැස්වීමට ජම්ඉයියාවේ සභාපතිතුමා, මහලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා, උප සභාපතිවරුන්, සහකාර මහලේකම්වරුන්, උප භාණ්ඩාගාරිකතුමා, විධායක කමිටු සාමාජිකයන්, ප්‍රධාන විධායක නිලධාරීතුමා, සාමාන්‍යාධිකාරීතුමා සහ අනු අංශවල සම්බන්ධීකාරකවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජම්ඉයියාවේ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ සැලසුම්කරණය සහ සාමාන්‍යාධිකාරීතුමාගේ සම්බන්ධීකරණය යටතේ මෙම රැස්වීම ඉතා විධිමත්ව හා සාර්ථකව පවත්වන ලදී.

තවද, මෙම රැස්වීම සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය රැස්වීම් ශාලාව සහ අනෙකුත් පහසුකම් ඉතා විශිෂ්ට අයුරින් සපයා දෙමින් සහයෝගය දැක්වූ මහනුවර, හෙන්දෙස්ස, ඉනායා ගාර්ඩන් (G’CEC) ආයතනයේ කළමනාකාරීත්වයට ජම්ඉයියාවේ විධායක කමිටුව සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රාර්ථනා පිරිනමයි.

– ACJU Media –

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *