සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක කමිටුවේ ඉදිරි වසර දෙක සඳහා වන සැලසුම් සකස් කිරීමේ රැස්වීම සහ සම්සම් පදනම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක කමිටුවේ ඉදිරි වසර දෙක සඳහා වන සැලසුම් සකස් කිරීමේ රැස්වීම 2026 නොවැම්බර් මස 07 සහ 08 යන දෙදින මහනුවර, හෙන්දෙස්ස, ඉනායා ගාර්ඩන් (G’CEC) හිදී පැවැත්වෙමින් පවතී.

මේ අතර, මස්ජිද් ඉමාම්වරුන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සහ සම්සම් පදනම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සහ සම්සම් පදනම අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ දිගුකාලීන සහයෝගීතාව මත පදනම්ව මෙම ගිවිසුමට එළඹෙන ලදී.

පහත සඳහන් උසස් අරමුණු පදනම් කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

01. ඉමාම්වරුන් සවිබල ගැන්වීම

දක්ෂතාවයෙන් හා ආත්මවිශ්වාසයෙන් යුත්, මහජනතාව සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යන, අදාළ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන සහ සමාජයේ පිළිගැනීම හා ගෞරවය දිනාගත් නායකයන් ලෙස ඉමාම්වරුන් සංවර්ධනය කිරීම.

02. මස්ජිද් කළමනාකරණය ශක්තිමත් කිරීම

විධිමත් පරිපාලන ව්‍යුහයක්, පැහැදිලි ක්‍රියාපටිපාටි, යහපත් සම්බන්ධීකරණයක් සහ පවතින සම්පත් නිසි පරිදි භාවිත කිරීමේ හැකියාව සහිත ආයතන බවට මස්ජිද් පත් කිරීම.

03. ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීම

මස්ජිද් සමඟ ප්‍රජාව වඩාත් සමීපව සම්බන්ධ කර ගැනීම, ප්‍රාදේශීය අවශ්‍යතා පදනම් කරගත් වැඩසටහන් සඳහා ඔවුන්ගේ සහභාගීත්වය දිරිගැන්වීම සහ සමාජීය ගැටලු අවම කිරීම සඳහා ප්‍රජාව සහ මස්ජිද් එක්ව කටයුතු කිරීම ශක්තිමත් කිරීම.

මෙම අවස්ථාවට සම්සම් පදනම නියෝජනය කරමින් එහි සභාපති එම්.එච්.එම්. මුෆ්ති යූසුෆ් මහතා, ව්‍යාපෘති උපදේශක සහෝදර නවාස් මහතා ඇතුළු එම ආයතනයේ නියෝජිතයෝ සහභාගී වූහ.

ජම්ඉයියාව නියෝජනය කරමින් එහි සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි මහතා, මහලේකම් අෂ්-ෂෙයික් එම්. අක්රම් නූරාමිත් මහතා, ජම්ඉයියාවේ විධායක කමිටු සාමාජිකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද සහභාගී වූහ.

– ACJU Media –

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *