ජම්ඉයියතුල් උලමා සභාවේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව සහ ප්‍රාදේශීය ශාඛා සඳහා නව පරිපාලන කමිටු තෝරා පත් කර ගැනීම

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව සහ එම දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ශාඛා 06 සඳහා නව පරිපාලන කමිටු තෝරා පත් කර ගැනීමේ කටයුතු 2026 නොවැම්බර් 14 සහ 15 යන දෙදින ජම්ඉයියතුල් උලමා සභාවේ ශාඛා කටයුතු අංශය මඟින් සාර්ථකව සිදු කරන ලදී.

මෙහිදී, කොළඹ නැගෙනහිර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, කොළඹ නගරය, මට්ටක්කුලිය සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රාදේශීය ශාඛා සඳහා කාරක සභා තෝරා පත් කර ගැනීම සිදු කළ අතර, ඒ ඒ ශාඛා සඳහා නිලධාරීන්ද තෝරා පත් කර ගන්නා ලදී.

ඉන් අනතුරුව, ඉහත ප්‍රාදේශීය ශාඛාවල අලුතින් තෝරා පත් කරගත් සභාපතිවරුන්, ලේකම්වරුන් සහ භාණ්ඩාගාරිකවරුන් මෙන්ම හිටපු දිස්ත්‍රික් ශාඛා සාමාජිකයින්ද අතර කොළඹ දිස්ත්‍රික් ශාඛාව සඳහා නව පරිපාලන කමිටුව සහ එහි නිලධාරීන් තෝරා පත් කර ගැනීම සිදු කරන ලදී.

මෙම සියලු තෝරා පත් කර ගැනීම් ජම්ඉයියතුල් උලමා සභාවේ ව්‍යවස්ථානුකූල නීතිරීතිවලට අනුකූලව, රහස් ඡන්ද විමසීමේ ක්‍රමවේදය යටතේ ඉතා විධිමත්ව හා පිළිවෙළකට පවත්වන ලදී.

ජම්ඉයියතුල් උලමා සභාවේ ශාඛා කටයුතු අංශයේ සභාපති අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන්, එම අංශයේ ලේකම් අෂ්-ෂෙයික් එන්.ටී.එම්. ලරීෆ්, ජම්ඉයියතුල් උලමා සභාවේ භාණ්ඩාගාරික අෂ්-ෂෙයික් එම්.කේ. අබ්දුර් රහ්මාන් බහ්ජි සහ විධායක කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකුගේ අධීක්ෂණය යටතේත්, ජම්ඉයියතුල් උලමා සභාවේ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙනුත් මෙම තෝරා පත් කර ගැනීමේ කටයුතු සාර්ථකව නිම වන ලදී.

– ACJU Media –

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *