දිවංගත අෂ්-ෂෙයික්, එම්.එම්.ඒ. මුබාරක් (මදනි) තුමාණන් විසින් රචිත ‘සෙරන්ඩිබ් කන්ඩ සාන්ඩ්රෝර්ගල්’ කෘතිය එළිදැක්වීමේ උත්සවය

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිටපු සභාපති සහ මහලේකම් දිවංගත අෂ්-ෂෙයික්, එම්.එම්.ඒ. මුබාරක් (මාදනි) තුමාණන් විසින් රචිත ‘සෙරන්ඩිබ් කන්ඩ සාන්ඩ්රෝර්ගල්’ කෘතිය එළිදැක්වීමේ උත්සවය  2022.01.30 දින කොළඹ සාහිරා විද්‍යාලයේ ගෆූර් ශාලාවේදී පැවැත්විණි.

අෂ්-ෂෙයික්, අල්-කාරී, මුහම්මද් ෆහ්මි තුමාගේ කිරාඅත් පාරායනයෙන් ආරම්භ වූ මෙම අවස්ථාවට අප සභාවේ ගරු උපසභාපතිවරයෙකු වන අෂ්-ෂෙයික්, එච්. උමර්දීන් තුමා විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලදී. මීළඟට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ කටයුතු පිළිබඳ පැහැදිලි කිරීමක් ගරු මහලේකම්, අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත් තුමා විසින් ඉදිරිපත් කරන ලදී.

පසුව අෂ්-ෂෙයික්, අල්-උස්තාද්, එම්.එම්.ඒ. මුබාරක් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමාණන්ගේ සේවාවන් හා චරිතාපදානය පිළිබඳ වීඩියෝවක් තිරයේ දර්ශනය වූ අතර, ඒ සමගම ගරු විධායක කමිටු සාමාජික අෂ්-ෂෙයික්, එස්.එල්. නවුෆර් තුමාණන් හස්රත් මුබාරක් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමාණන්ගේ ජීවිතය පිළිබඳ සාරාංශයක් ලබා දුන්හ. ඉන් අනතුරුව ගරු ෆත්වා කමිටු සාමාජික අෂ්-ෂෙයික්, එම්.ඩී.එම්. සල්මාන් තුමා විසින් ග්‍රන්ථය හැඳින්වීම සිදු කරන ලදී.

අනතුරුව විශේෂ ආරාධිතයින්, ආලිම්වරුන් සහ පැමිණ සිටි සියලු දෙනා වෙත ග්‍රන්ථයේ පිටපත් බෙදා දෙන ලද අතර, අෂ්-ෂෙයික්, අල්-උස්තාද්, එම්.එම්.ඒ. මුබාරක් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමාණන්ගේ පවුලට සමරු තිළිණයක් ද පිරිනැමීය.

ඉන් අනතුරුව අෂ්-ෂෙයික්, අල්-උස්තාද්, එම්.එම්.ඒ. මුබාරක් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා පිළිබඳව සිය අත්දැකීම අප සභාවේ සහකාර භාණ්ඩාගාරික ආචාර්ය අෂ්-ෂෙයික්, අස්වර් තුමා විසින් විස්තර කරන ලදී. පසුව මෙරට ආලිම්වරුන්ගේ දායකත්වය පිළිබඳ දේශනයක් අතිගරු සභාපති මුෆ්ති, එම්.අයි.එම්. රිස්වි මැති තුමා විසින් පවත්වන ලදී.

පසුව අෂ්-ෂෙයික්, අල්-උස්තාද්, එම්.එම්.ඒ. මුබාරක් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමාණන්ගේ පුත් මුආද් මුබාරක් මැති තුමා තම පවුල වෙනුවෙන් අදහස් කිහිපයක් සහ කෘතඥතාව පළ කළ අතර අප සභාවේ ගරු භාණ්ඩාගාරික, අෂ්-ෂෙයික්, ඒ.එල්.එම්. කලීල් තුමා විසින් ස්තූති කථාව පවත්වන ලදී.

අවසානයේ ජාතික ගීය ගායනයත් සමග දහවල් 12.45 ට දුආ සලාවත් සමඟින් උත්සවය අවසන් විය.

 

මාධ්‍ය අංශය

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *