ඊද් අල්-අල්හා හජ් උත්සව දින වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, විධායක කමිටු සාමාජිකයින් ඇතුළු මෙම උතුම් මෙහෙයේ නියැළි ආගමික විද්වතුන්ගේ සුභ පැතුම!

යොමු අංකය: ACJU/NGS/2023/172

2023 ජූනි මස 28 වෙනිදා (1444.12.10)

අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සියලු ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාවට ඉතා ප්‍රීතිමත් ඊද් අල්-අල්හා හජ් උත්සවය වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටියි.

නබි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා, එතුමාගේ බිරිඳ සහ දරුවා (අලයිහිමුස් සලාම්) යන උත්තමයින්ගේ පරිත්‍යාගයන් සිහිපත් කිරීමක් වශයෙන් මහා කාරුණික අල්ලාහ් මෙම දිනය අපට ආශීර්වාද කර ඇත. එම පවුලේ කැපකිරීම් සමස්ත මානව සමාජයටම මහඟු ආදර්ශයකි. උතුම් පරිත්‍යාගයන් තුළින් ජීවිතය සාර්ථක කර ගත හැකි බව මෙතුළින් අපට උගන්වන අතර ඇතැම් පුද්ගලයින්ගේ හා ප්‍රජාවන්ගේ කැපකිරීම් තුළින් සිය දේශයට සාර්ථක අනාගතයක් ළඟා කර ගත හැකි වන්නේ ය.

එදින මහා කාරුණික අල්ලාහ්ගේ අණ ඉටු කිරීමට පසුබට නොවූ පිය පුතුගේ පරිත්‍යාගය සිහිගන්වන උල්හියියා සහ අනෙකුත් වත්පිළිවෙත් ඉස්ලාම් දහමට අනුව නිසි අයුරින් ඉටු කිරීමට අප වගබලා ගනිමු.

එමෙන්ම අල්ලාහ්ගේ අණට සම්පූර්ණයෙන් අවනත වීම, භක්තිමත්භාවය, කැපවීම, පරිත්‍යාගය, ඉවසීම, සියලු විෂයන් අල්ලාහ්ට භාර කිරීම, ආදර්ශය, යහපත් දරුවන් ඇති දැඩි කිරීම වැනි මෙම දිනය සිහිගැන්වීමෙන් උගන්වන ගුණාංග අපගේ ජීවිතය තුළ අනුගමනය කිරීමට උත්සාහ කළ යුතු අතර තම සහකරුවන්, දරුවන් සහ පවුල් සබඳතාව තුළ වර්ධනය කරගනිමින් දෙලොවෙහිම සාර්ථකත්වය උදාකර ගනිමු.

මහා කාරුණික අල්ලාහ්, දේශීය සහ ගෝලීය වශයෙන් සාමය සෞභාග්‍ය විහිදුවනු මැනව!

තකබ්බලල්ලාහු මින්නා වමින්කුම්! ඊද් මුබාරක්!

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම්

මහ ලේකම් (වෙනුවට)

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *