සිංහල දෙමළ අලුත් අවුරුදු පණිවිඩය

යොමු අංකය: ACJU/NGS/2022/091

2022 අප්‍රේල් මස 13 වෙනිදා

ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දෙමළ ජනයා ආර්ථික දුෂ්කරතා රැසක් හමුවේ තම වැදගත් දිනයක් වන මෙම අවුරුදු දිනය සමරන මේ මොහොතේ විශේෂයෙන් සිංහල දෙමළ සහෝදර සහෝදරියන්ටත් පොදුවේ සමස්ත රට වැසියන්ටත් සාමය, සතුට, සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

විවිධ වාර්ගිකයින්ට අයත් මිනිසුන් වෙසෙන මෙම භූමියෙහි සියලු මිනිසුන්ට එකිනෙකාගේ ආගමික හා සංස්කෘතික අගයන් අවබෝධ කර ගනිමින් සාමයෙන් සහ අවබෝධයෙන් ජීවත් වීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස මෙය සලකමු.

මේ අවස්ථාවේදී අප රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිරාකරණය වී අපේ රටේ සියලු ජනයා සෞභාග්‍යයෙන් ජීවත් වේවායි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරයි.

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම්

මහලේකම් (වැඩ බලන)

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 
 
 
 

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *