ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අනතුරක් පිළිබඳව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්

ACJU/NGS/2021/200

2021.09.16

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් මෙරටට නැවත නුදුරු අනාගතයේදීම එල්ල විය හැකි යැයි 2021.09.13 වැනි දින එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය කෙරුණු සංවාදාත්මක වැඩසටහනක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් පුවත්පත් වාර්තා ද පළ වී ඇති බව අප නිරීක්ෂණය කළෙමු.

ඥානසාර ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර මහත් භීතියක් සහ සංත්‍රාසයක් ඇති කර තිබේ. කෙසේ වුවද, පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇති වූ ජීවිත විනාශය, ඉන්පසුව මෙරට ජනතාවට ඇති වූ ප්‍රශ්න සහ අභියෝග පිළිබඳව ද අපි හොඳින් දනිමු.

එබැවින්, අදාළ නිලධාරීන් ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකොට, ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය තහවුරු කිරීම පිණිස අදාළ පියවර ගන්නා ලෙසත්, එම ප්‍රකාශයේ සත්‍ය-අසත්‍ය බව ජනතාවට හෙළිකරන ලෙසත් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

තවද, ඉහත සඳහන් කළ ස්වාමීන් වහන්සේ විසින් ඉස්ලාමය පිළිබඳ නගා ඇති පදනම් විරහිත චෝදනාවලට අදාල පැහැදිලිකිරීම් හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *