උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අප ජුම්ආ දේශනය කෙටි කර ගනිමු

ACJU/NGS/2022/031

2022.02.09 (1443.07.07)

වර්තමානයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය (G.C.E A/L) පවත්වනු ලබන අතර සහභාගී වන සියලුම සිසුන්ට විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේවායි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරන්නේය.

එම විභාගයට පැමිණෙන මුස්ලිම් සිසුන් සහ විභාග අධීක්ෂණ කටයුතුවල නියැලී සිටින මුස්ලිම් ගුරුවරුන් ජුම්ආ සලාතයට සහභාගි වන බැවින් විභාගය අවසන් වනතුරු සිකුරාදා ජුම්ආ දේශනයන් කෙටි කර කුත්බා දේශනය සහ සලාතය දහවල් 12.55ට පෙර අවසන් කර ගන්නා ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලුම කතීබ්වරුන් සහ ඉමාම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේය.

වස්සලාම්

 

අෂ්-ෂේක් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *