සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්හට සිය බලවත් ශෝකය සහ සංවේගය ප්‍රකාශ කරයි

යොමු අංකය: ACJU/NGS/2022/095

2022 අප්‍රේල් 20 වෙනිදා (1443.09.18)

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට බලවත් ශෝකය සහ සංවේගය ප්‍රකාශ කරන අතර, තම ආදරණීයයන් අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සර්වබලධාරී අල්ලාහ් අභියස ප්‍රාර්ථනා කරයි.

මෙහි කුමන්ත්‍රණකරුවන්, ප්‍රහාරයට සම්බන්ධ සැබෑ වැරදිකරුවන් සහ එය පිටුපස සිටින සියලු දෙනා හඳුනා ගැනීම කඩිනම් කරන ලෙසත්, ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමේ ක්‍රියාවලිය කඩිනම් කර විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටුකරන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මෙම ශුද්ධ වූ රමළාන් මාසය තුළ, ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පවුල් සඳහා, අසාධාරණයට ලක්වූවන්ට යුක්තිය ස්ථාපිත වීම සඳහා සහ සියලු වාර්ගිකයින් සමගියෙන් ජීවත් වීම සඳහා සර්වබලධාරී අල්ලාහ් අභියස ප්‍රාර්ථනා කරන මෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

අප රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය වීමටත්, සාමය සමෘද්ධිය සහ සංවර්ධනය ස්ථාපිත වී ජන ජීවිකාව යථා තත්ත්වයට පත් වීමටත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරයි.

 

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම්

මහලේකම් (වැඩ බලන),

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *