முன்னாள் அமைச்சர் மங்கள சமரவீர அவர்களின் மறைவையொட்டி அகில இலங்கை ஜம்இய்யத்துல் உலமா விடுக்கும் அனுதாபச் செய்தி

යොමු අංකය : ACJU/NGS/2021/182

2021 අගෝස්තු මස 25 වෙනිදා

මෙරට හිටපු අමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ගරු මංගල සමරවීර මහතා කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ දිනයේ අප අතුරින් සමුගත් පුවත අපව බලවත් ශෝකයට පත් කළේය.

එතුමා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අගයන් තුළ කටයුතු කළ අයෙකු මෙන්ම මෙරටට විශාල දේශපාලන මෙහෙවරක් ඉටුකළ මධ්‍යස්ථ මතදාරී පුද්ගලයෙකි. එපමණක් නොව, ඔහු සුළු ජාතීන් වැළඳගනිමින්, ඔවුන්ගේ අභිලාෂයන්ට ගරු කළ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගූ අයෙකි.

විශේෂයෙන්ම ඔහු මුස්ලිම්වරු පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ පටන් මුස්ලිම් ප්‍රජාව මුහුණ දුන් ගැටලුවලදී මුස්ලිම්වරුන්ට සහයෝගයක් ලෙස ක්‍රියා කිරීම අප මෙනෙහි කිරීමට කැමැත්තෙමු. එතුමාගේ මෙම ගුණාංග හා ක්‍රියාවන් දේශපාලනඥයින් සියලු දෙනා ආදර්ශයක් වශයෙන් ගෙන කටයුතු කළේ නම්, අප රට සංවර්ධනයේ මාවතට ගමන් කළ හැක යන්න අපගේ විශ්වාසයයි.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන්, එතුමාගේ පවුලේ අයට, ඥාතීන්ට සහ හිතවතුන්ට සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරයි.

 

අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *