උපච්ඡායා චන්ද්‍ර ග්‍රහණය සම්බන්ධයෙන්

08.01.2020 CE / 12.05.1441 AH

උපච්ඡායා චන්ද්‍ර ග්‍රහණය සම්බන්ධයෙන්

මෙම වසරේ ජනවාරි මාසයේ 10 හා 11 යන දිනයන්හි (සිකුරාදා හා සෙනසුරාදා) ඉන්ෂා අල්ලාහ් උපච්ඡායා චන්ද්‍ර ග්‍රහණයක් (Penumbral Lunar Eclipse) ඇතිවීමට බලාපොරොත්තු වන බව තාරකා විද්‍යාත්මක වාර්තා දැනුම් දෙයි. ඇතිවීමට නියමිත මෙම චන්ද්‍ර ග්‍රහණය කොළඹ වේලාවට අනුව සිකුරාදා දින ප.ව. 10:37 සිට සෙනසුරාදා දින පෙ.ව. 2:42 දක්වා ලංකාවේ පෙනීමට නියමිත බව එම වාර්තාවන්හි සඳහන් ව ඇත.

(Penumbral Lunar Eclipse) උපච්ඡායා චන්ද්‍ර ග්‍රහණයේදී චන්ද්‍රයාගේ ආලෝකය අපැහැදිලි තත්ත්වයකින් ඇතිවීමයි. එමෙන්ම චන්ද්‍රයා සම්පූර්ණව හෝ එහි කොටසක් හෝ සැඟවෙන්නේ නැත. සූර්යයා හෝ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් සැඟවීම දුටු අවස්ථාවකදී ග්‍රහණය සදහා සලාතයේ යෙදීම සුන්නත් වේ. නමුත් මෙවැනි උපච්ඡායා ග්‍රහණයේදී ග්‍රහණ සලාතයේ යෙදීම සුන්නත් නොවේ.

“සූර්යයා හා චන්ද්‍රයා අල්ලාහ්ගේ සංඥාවන් අතරින් ය. කවරෙකුගේ මරණය සඳහා හෝ ඉපදීම සඳහා හෝ ග්‍රහණයන් සිදු නොවේ. ග්‍රහණයක් සිදුවීම දුටුවේ නම් අල්ලාහ් වෙත අයැදින්න. තක්බීර් පවසන්න. සලාතයේ යෙදෙන්න. දන් දෙන්න.” යැයි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇත. (ග්‍රන්ථය බුහාරි : 1044)

 

අෂ් ෂෙයික් එම්. අබ්දුල් වහ්හාබ්
සම්බන්ධිකාරක, හිලාල් කමිටුව,
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සභාව.

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *