2025 ජූලි 12 වන දින, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මාසික විධායක කමිටු රැස්වීම අප ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම රැස්වීම, වැඩබලන සභාපති, අෂ්-ෂෙයික් එච්. උමර්දීන් තුමාගේ ප්‍රධානත්වයෙන් හා මහලේකම්, අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.
රැස්වීමේ දී අප සභාවේ පසුගිය මාසයේ ක්‍රියාදාම, ඉදිරි වැඩසටහන් හා ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක් සිදුවිය. මෙම අවස්ථාවේදී අප සභාවේ පැවැත්ම සහ දීර්ඝකාලීන දැක්ම වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් වැදගත් තීරණ රැසක් ද ලබා ගන්නා ලදී.
මෙම රැස්වීමට විධායක කමිටුවේ බොහෝ සාමාජික පිරිසක් සම්මුඛව සහභාගී වූ අතර, අප සභාපති, මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා ZOOM පහසුකම හරහා සම්බන්ධ වීම විශේෂත්වයකි.
– ACJU Media –



