ඉන්දීය යුනියන් මුස්ලිම් ලීගයේ නියෝජිතයන් සමඟ පැවති සුහද හමුව

2021.12.06 (1443.05.01)

අද (2021.12.02) ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගයේ නියෝජිත පිරිස හා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව අතර සුහද හමුවක් අප ප්‍රධාන කාර්යාලයේ පැවැත්විණ. මෙම හමුවේදී අප සභාවේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලද අතර ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගය සහ අප සභාව අතර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා විය.

මෙම සුහද හමුවට ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගයේ ජාතික නායක මහාචාර්ය කේ.එම්. කදීර් මොහියුදීන්, ට්‍රිචි දිස්ත්‍රික්කයේ රාජ්‍ය භාණ්ඩාගාරික මවුලවි ජලීල් සුල්තාන් ඇතුළු එහි නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව වෙනුවෙන් ගරු සභාපති මුෆ්ති, එම්.අයි.එම්. රිස්වි තුමා, මහලේකම් අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත් තුමන්, භාණ්ඩාගාරික අෂ්-ෂෙයික්, ඒ.එල්.එම්. කලීල් තුමන් හා උප සභාපතිවරයෙකු වන අෂ්-ෂෙයික්, අයි.එල්.එම්. හාෂීම් සූරි තුමන් ඇතුළු විධායක කමිටු සාමාජිකයින් රැසක් සහභාගී වූහ. මෙම අවස්ථාවේදී අප සභාවේ ප්‍රකාශන ඔවුන්ට පිරිනමන ලදී.

මාධ්‍ය අංශය

 

 

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *