ධර්මශක්ති සංවිධානය සමඟ පැවති සුහද හමුව

 Ref: ACJU/MED/2021/004

04th October 2021

2021.09.29 දිනදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ “සහයෝගීතාව සහ සම්බන්ධීකරණ කටයුතු අංශය” මගින් දශක ගණනාවක් තිස්සේ සහජීවනය සහ සමගිය සඳහා හඬ නගමින් සේවය කරන ධර්මශක්ති සංවිධානය සමඟ විශේෂ හමුවක් පැවැත්විණි. මෙම හමුවට අමරපුර මහා සංඝ සභාවේ මහලේකම්, ධර්මශක්ති සංවිධානයේ සභාපති – අතිගෞරව පල්ලේකන්ද රත්නසාර හිමියන් හා මහලේකම් – ආචාර්ය අතිගෞරව මාදම්පගේ අස්සජී හිමියන්, සංවිධානයේ සහකාර ලේකම් අෂ්-ෂෙයික් ෆිර්දව්ස් මන්බඊ (භාණ්ඩාගාරික, කොළඹ නැගෙනහිර ජම්ඉයියා ශාඛාව) ඇතුළු එකී සංවිධානයේ කමිටු සාමාජිකයින් ද සහභාගී වූහ.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සභාපති – අෂ්-ෂෙයික්, මුෆ්ති, එම්.අයි.එම්. රිස්වි තුමන් හා මහලේකම් – අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත් තුමන් විසින් පිළිගැනීමේ කථාව සිදුකර අප සභාවේ වැඩ කටයුතු පිළිබඳව ඉදිරිපත් කළෝය. මෙම හමුවේදී ආගමික නායකයින් එක්ව අන්‍යෝන්‍ය අවබෝධයෙන් තම අනන්‍යතාව රැකගනිමින් ජාතීන් අතර සහජීවනය ගොඩනැගීම සඳහා ගත යුතු පියවර ගැන සාකච්ඡා කළහ.

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *