සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාවේ කාරුණික ඉල්ලීම

10.01.2020

ඕස්ටේ‍්‍රලියාවෙහි හට ගෙන තිබෙන ලැව් ගින්න වෙතට මුළු ලොවේම සංවේගජනක අවධානය යොමු වී ඇත. මේ වන තෙක් මිලියන සංඛ්‍යාත හෙක්ටෙයාර් භූමි ප‍්‍රදේශයක් ගින්නෙන් දැවී විනාශ වී ඇත. එමෙන්ම මිනිස් ජීවිත හානි ගැනද තොරතුරු ලැබෙමින් පවතින අතර 1500 කට අධික සංඛ්‍යාවක වාසස්ථාන හා වෙළඳස්ථාන ගිනිබත් වී ඇත. එළ හරක් ඇතුළු ලක්‍ෂ සංඛ්‍යාත සිවුපාවුන් හා වන සතුන්ද ගින්නට ගොදුරු වී ඇති බව වාර්තා වෙයි. ගින්නට අමතරව එයින් නැගෙන දුමාරය නිසා ගින්නෙන් ඈත්ව පිහිටා ඇති ප‍්‍රදේශවල වාසය කරන්නන්ට පවා දැඩි අසීරුතා ඇති වෙමින් තිබේ. මේනිසා එම රටෙහි සාමාන්‍ය ජන ජීවිතය පවා අඩාල වී ඇත.

මෙවන් තත්ත්වයක එහි වර්ෂාව ඇද හෙලෙන්නට ආරම්භ වී තිබීම මඳක් හෝ සෙසු ලෝකයාට සැනසීමක් ගෙන දෙමින් තිබේ.

ඕස්ටේ‍්‍රලියාවෙහි ඇති වී තිබෙන මෙම දැවැන්ත විපත ඉක්මනින්ම පහව ගොස් සාමාන්‍ය පරිදි වර්ෂාව ඇද හැලී එහි වාසය කරන මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය තත්ත්වයකට පැමිණිය යුතුය යැයි අල්ලාහ්ගෙන් බැගෑපත්ව අයැද සිටින මෙන් සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි                             අෂ් ෂෙයික් ඒ.සී. අගාර් මුහම්මද්

සභාපති,                                              නියෝජ්‍ය සභාපති,

සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව         සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *