ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්

Ref : ACJU / GEN / 2020/025

2020.09.10 / 1442.01.21

 

ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්

2020.09.09 බදාදා, එනම් ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවෙහි සිදුවූ සිද්ධිය පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය හා කනස්සල්ල පළ කර සිටිමු.

එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් සහභාගී වූ සහකාර මහලේකම් අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් පිළිබදව මාධ්‍යයෙහි පල වූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදීමක් ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ හදිසි රැස්වීමක් අද පෙ.ව. 10.30 ට අප ප්‍රධාන කාර්යාලයෙහි පැවැත් විණි. එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලදී.

 

මෙම අවස්ථාවේ දී, අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් තම විමර්ශන කටයුතු අවසන් වන තුරු තමා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහලේකම් ධූරයෙන් ඉවත් වන බව ලිඛිතව දැනුම් දී තිබේ. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් බව මෙයින් දන්වා සිටිමු.

 

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්

සහකාර මහලේකම්

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *