“මත්ද්‍රව්‍යවලින් දරුවන්, තරුණයින්, පිරිමින්, ගැහැණු, පවුල්, සමාජය, දේශය යන සියල්ලන්ම ආරක්ෂා කරමු” යන මාතෘකාව යටතේ 2022.06.03 වන දින පැවැත්වෙන සිකුරාදා ජුමුආ දේශනය පවත්වමු.

යොමු අංකය : ACJU/NGS/2022/145
2022 ජූනි 01 වෙනිදා
 
ගරු ජුමුආ දේශකයින් වෙත,
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ

“මත්ද්‍රව්‍යවලින් දරුවන්, තරුණයින්, පිරිමින්, ගැහැණු, පවුල්, සමාජය, දේශය යන සියල්ලන්ම ආරක්ෂා කරමු” යන මාතෘකාව යටතේ 2022.06.03 වන දින පැවැත්වෙන සිකුරාදා ජුමුආ දේශනය පවත්වමු.

 
මත් ද්‍රව්‍ය භාවිතය නිසා මෙරට ජනතාව දිනෙන් දින බොහෝ අර්බුද, ගැටළු හා විනාශයන් කරා යොමු වන බව අපි දනිමු.

මෑතකදී මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු විසින් කුඩා දැරියක් ඝාතනය කළ සිද්ධිය අප සැම දැඩි කම්පාවට පත්කර ඇත. ඉස්ලාම් දහම තුළින් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කර ඇති අතර ඊට එරෙහිව ක්‍රියා කිරීම සමාජීය වගකීමක් බව උගන්වයි.

එබැවින් ඉස්ලාම් දහම තුළින් මත්ද්‍රව්‍ය තහනම් කර ඇති බව හා එයින් ජනතාවට අත්වන ප්‍රතිවිපාක පිළිබඳව පැහැදිලි කරදීම සඳහා එළැඹෙන සිකුරාදා ජුමුආ දේශනය සංවිධානය කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලු ජුමුආ දේශකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නුරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *