යොමු අංකය: ACJU/NGS/2022/056
2021 මාර්තු මස 19 වෙනිදා (15 ෂ`බාන් 1443)
ඉස්ලාමයේ ඕනෑම නමස්කාරයක් හා යහක්‍රියාවක් දෙස අවධානය යොමු කළහොත්, ඒවා මිනිස් ජීවිතයට හා ශාරීරික සෞඛ්‍යයට වැදගත්කමක් යොමු කර ඇති බව අවධාරණය කෙරෙයි.
උපවාසය සම්බන්ධයෙන් අල්ලාහ් අල් කුර්ආනයේ සඳහන් කරන විට උපවාසය රැකීමම ඔබට යහපත් වේ (යන්න දැනගන්න) යනුවෙන් පවසන්නේය (අල්-කුර්ආන් 2:184)
රමළාන් සමයේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ:
- ඉෆ්තාර් සහ සහර් වේලාවේදී පෝෂදායී ආහාර අනුභව කිරීමට පුරුදු වීම.
- කෝවිඩ්-19 වෛරසයේ බලපෑම තවමත් අඛණ්ඩ ව පවතින බැවින් මෙම රමළාන් සමයේ සාමුහික යහක්‍රියාවන්වල යෙදී සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සියලු මාර්ගෝපදේශ අනුගමනය කිරීම.
- රමළාන් සමයේදී තම සෞඛ්‍ය තත්ත්වයට අනුව නිරෝගීමත් නින්දක හුරුපුරුදු පිළිපැදීම.
- නිවසේ සිටින දරුවන් සමඟ උපවාසශීලයේ යෙදීමේ පුරුද්දක් ඇති අය එසේ ක්‍රියා කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම.
- ගර්භනී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් උපවාසශිලයේ යෙදීමේදී අනුගමනය කළ හැකි ඇතැම් ආගමික වරප්‍රසාදයන් ඇත. පහත දැක්වෙන වෙබ් සබැඳිය හරහා ඔබට ඒවා නැරඹිය හැකිය.
සබැඳිය: (https://acju.lk/fatwa-bank-ta/recent-fatwa/item/758-2016-08-04-09-11-28)
- උපවාසශිලයේ යෙදීමට හැකියාවක් නොමැති මහලු අයට හා නිධන්ගත රෝගීන්ට උපවාසශීලයේ යෙදීමෙන් වැළකී සිටීමට දහමට අනුව අනුමැතියක් ඇත. ඒ සෑම උපවාසශිලයක් පාසා ම ඔවුන් ෆිදියා හෙවත් වන්දියක් ලෙස ‘මුද්දු” ක් දුප්පතුන්ට දන්දිය යුතුයි. (මුද්දු යනු සහල් ග්‍රෑම් 600 කි)
සර්ව බලධාරී අල්ලාහ්, මෙම රමළාන් උපවාසශීලය නිරෝගී ව හා ජවසම්පන්න ලෙස නියැලීමටත්, අප රට සහ ලෝකවාසී සියලු ජනයාව වසංගත රෝගවලින් ආරක්ෂා කිරීමටත් ආශිර්වාද කරත්වා!
වස්සලාම්,
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂේක් එම්.එල්.එම්. ඉල්යාස්
ලේකම් – ෆත්වා කමිටුව
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
සටහන: එළඹෙන සිකුරාදා දිනයේදී ප්‍රදේශයේ මස්ජිද් ඔස්සේ ඉහත සඳහන් මාර්ගෝපදේශ කියවා මහජනයා දැනුවත් කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ අප ශාඛාවන්ගෙන් ඉල්ලා සිටී.